IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ

(එම්.දසනායක )

අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින්  තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11)  ප්‍රතිකාර සඳහා මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි .‍

අවමගුල පැවති නිවසට යාබද ස්ථානයක  රාත්‍රී කාලයේ බූරු පිටියක පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව  පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පහරදුන් පුද්ගලයාගේ නිවසට පැමිණ එම නිවසේ දේපල වලට හානි කර පහරදුන්  පුද්ගලයාගේ පියාට පහරදී තිබේ.

 පසුව නිවසේ රැඳී සිටි පිරිස එම පුද්ගලයාගේ හිසට එල්ල කල පහරදීමකින් ඇතිවූ කැපුම් තුවාල හේතුවෙන් මාරස්සන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත .

ෙතලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් අගලවෙල ගම්මානයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිව තිබෙන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ මව හා නිවෙස් හිමියා මේවනවිට මාරස්සන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බව තලාතුඔය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .



අදහස් (1)

මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ

Nayana Thilak Wednesday, 12 February 2025 06:34 PM

දකුනේ අය වගේ හැසිරෙන්න එපා... යකුනේ කන්ද උඩරටටත් ලැජ්ජයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site