IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මහවැලියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.

මහවැලි ගඟේ අතිරික්ත ජලය ශ්‍රී ලංකාවේ වියළි උතුරු සහ වයඹ ප්‍රදේශවලට යොමු කිරීමට මෙම වැඩසටහනේ ඉලක්කය වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත් එමගින් කෘෂිකාර්මික අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කෙරෙණු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය.

ශ්‍රී ලංකාව ආහාර අනාරක්ෂිතභාවය අඩු කරගෙන ඇතත්, එය රටට සංවර්ධන අභියෝගයක් ලෙස පවතින බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය. ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහළ කෘෂිකාර්මික ඵලදායිතාවයක් සහ බෝග විවිධාංගීකරණය අවශ්‍ය බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන වැඩසටහන වන මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රමාණවත් ජල සම්පත් සහ ආපදාවන්ට ඔරොත්තු දෙන වාරිමාර්ග පද්ධතියක්ද ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මහවැලියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 592 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 505 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site