IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

"අනේ යනවා ඕයි යන්න , බම්බුව, රෙද්ද අස්සෙ රිංගනවා " යැයි මහා හඩින් මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු වන්දනා කිරීම සඳහා රැස්ව සිටි සැදැහැවතුන් දහසක් දෙනා ඉදිරිපිටදී පොලිස් නිලධාරියකු විසින් යුද හමුදා පොලිසියේ නිලධාරියකුට බැන වදින වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු වීමෙන්අනතුරුව ඔහුගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් එක භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම විමර්ශනවලදී අනාවරණය කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාත්මාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා සිටි.

 



අදහස් (9)

මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන

Pankumburage Friday, 25 April 2025 12:37 PM

එවැනි පොලිස් නිලධාරීන් (කුක්කන්) එළවා දැමිය යුතුයි.

:       5       30

බකල ජයා Friday, 25 April 2025 12:48 PM

මහජන මිත්‍රශීලී පොලීසියේ සුමට භාෂා භාවිතය තව තවත් දියුණුවේවා!

:       4       38

පොලිස් කෝලම Friday, 25 April 2025 12:51 PM

වැරදිකරු උනොත් අනිවාර්යයෙන්ම නිලයෙන් පහත දාන්න ඕන.

:       3       32

ජිල්බු Friday, 25 April 2025 12:54 PM

රෙද්ද අස්සේ රිංගීමට ගිය රණවිරුවා රැකගනිමු.

:       1       31

කෞෂි Friday, 25 April 2025 01:18 PM

මට හිතෙන්නේ පෝලිමට පිටින් කාව හරි රිංගවන්න ගිහිල්ලා වගේ. ඒ වුණාට වචන සෙට් එක කැතයි. අර හිනාවෙන ගෑණු කෙනාට අනික් රාළහාමි වෙන පැත්තකට යන්න කියනවා වගේ නේද...?

:       2       19

Mangala Friday, 25 April 2025 01:21 PM

මොහු ජනතාව ඉදිරියේ හමුදා නිලධාරීන්ගෙන් සමාව ගත යුතුයි.

:       6       12

KaruFriday, 25 April 2025 03:59 PM

බැණුම් අහලා තව සමාවත් ගන්න ඕනෑද?

:       2       5

P. M. Gunarathne Friday, 25 April 2025 01:59 PM

මෙතන සිදුවන සත්‍යය දේ දැනගැනීම වැදගත්. මට පෙනෙන විදියට නම් යුධ හමුදා නිලධාරියා පෝලිමට කවුරු හරි රිංගවාගෙන වගේ. මේ දවස් ටිකේ පොලිස් නිලධාරීන් පුදුම මහන්සියක් ගන්නේ. යුද හමුදා නිලධාරියෙකු වුනත් අවංක නිතිගරුක වෙන්න ඕන. කරුනාකර දෙදෙනාටම පරීක්ෂණ පවත්වන්න.

:       2       21

Warnasinghe Saturday, 26 April 2025 07:19 AM

මේ වීඩියෝවේම මම දකිනවා වෙනත් පොලිස් නිලධාරියෙකු පෝලීමේ සිටි කාන්තාවක් ඉන් එළියට යවනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site