
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහනට අලුත් අංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.
ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකටදී අමත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.
“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝෂණය කෙසේ වෙතත්, මහත මට්ටුකරන වැඩේ පටන්ගත්තේ, තඹුත්තේගම අන්දරේ මේසෙට තට්ටුකරලා නාඩු හාල් රුපියල් 230යි කියපු දවසේ... !
ලංකාවේ අධික ස්ථුලතාවය තිබ්බට බහුතරයක් මන්දපෝෂණය, මොකද කන්නේ පෝෂණය අඩු හැබැයි සීනි වැඩි ක්ෂණික ආහාර. අවුරුදු 18 අඩු බහුතරයක් දියවැඩියාව, අධික ස්ථුලතාවය වගේම මන්දපෝෂණය. සෞඛ්‍ය අංශ වගේම රජය මැදිහත් වෙන්න ඕනේ. ලංකාවේ බහුතරයක් කන්නේ කඩෙන්, චුන් පාන් වගේම ක්ෂණික ආහාර. කීරි සම්බා වගේ පෝෂණය අඩු අධික සීනි සහිත හාල් වර්ග සීමා කරන්න ඕනේ.
රධාන අමුත්තට චාමරව ගෙන්නන්න.