IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහනට අලුත් අංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.

ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකටදී අමත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.

“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.

 



අදහස් (4)

’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි

අමල් Sunday, 02 March 2025 05:40 PM

පෝෂණය කෙසේ වෙතත්, මහත මට්ටුකරන වැඩේ පටන්ගත්තේ, තඹුත්තේගම අන්දරේ මේසෙට තට්ටුකරලා නාඩු හාල් රුපියල් 230යි කියපු දවසේ... !

:       37       14

පොඩ්එකාMonday, 03 March 2025 08:01 AM

හලෝ අමල් ගොයියා…., මැදමුලනෙ අලිබබා සහ හොරැ හතලිහටයි, කොලඹ හතේ මහදැනමුත්තටයි වඩා තඹුත්තේගම අන්දරේ අපිට හොදයි. ඒක විතරක් දැනගන්න.

:       7       3

රුවන් Monday, 03 March 2025 07:40 AM

ලංකාවේ අධික ස්ථුලතාවය තිබ්බට බහුතරයක් මන්දපෝෂණය, මොකද කන්නේ පෝෂණය අඩු හැබැයි සීනි වැඩි ක්ෂණික ආහාර. අවුරුදු 18 අඩු බහුතරයක් දියවැඩියාව, අධික ස්ථුලතාවය වගේම මන්දපෝෂණය. සෞඛ්‍ය අංශ වගේම රජය මැදිහත් වෙන්න ඕනේ. ලංකාවේ බහුතරයක් කන්නේ කඩෙන්, චුන් පාන් වගේම ක්ෂණික ආහාර. කීරි සම්බා වගේ පෝෂණය අඩු අධික සීනි සහිත හාල් වර්ග සීමා කරන්න ඕනේ.

:       0       3

ලූට මූස් Monday, 03 March 2025 07:43 AM

රධාන අමුත්තට චාමරව ගෙන්නන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site