IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන් අද (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

වර්තමාන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත්, එම ගැටලු විසඳා ගනිමින් ඔවුන් වෘත්තීය දැනුමෙන් මෙන්ම මානව ගුණාංග වලින් සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෙස ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා කෙරුණි. 

මෙහි දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීම,වෘතීය පුහුණු පාඨමාලා නවීකරණය,තරුණ කටයුතු පිළිබදව දැනට සේවය කරමින් සිටින නිලධාරීන්ව තව දුරටත් පුහුණු කිරීම යන මූලික කරුණු තුනක් යටතේ ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළැඹීමට යෝජනා විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත, වෛද්‍ය දයන්ත රණතුංග මහතා, වැඩසටහන් සම්බන්ධීකාරක යෂාරා නතානීල් මෙනවිය, සමාජ ප්‍රතිපත්ති නිලධාරිනි පියුමාලි රණසිංහ මෙනවිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site