
(අංජුල මහික වීරරත්න)
මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-03-28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මේ වන විට 2,700 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එසේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා කර තිබේ.
බෞද්ධ රාජ්‍යයන් දෙකක් වශයෙන් දෙරට ජනතාව අතර පවතින දිගු කාලීන සමීප සබඳතාව සැලකිල්ලට ගෙන, මියන්මාරයේ ජනතාව වෙත සහන සැලයීම සඳහා පහත සඳහන් පරිදි ශ්‍රී ලාංකික ජනතාවගේ දායකත්වය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:
* ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීම.
* මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙය වීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩි නමින් මියන්මාරයේ ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ මැදිහත් වීම මත අවශ්‍ය පියවර ගැනීම.
* වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මියන්මාරය වෙත යැවීම පිණිස සුදානම් කර තැබීම.එම තීරණ වේ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයට සහන දෙන්න කැබිනට් අනුමැතිය
මැක්ස් Wednesday, 02 April 2025 03:52 PM
පමා වී හෝ ආණ්ඩුවට මොලේ ඒම හොද ය.
යෝගා Wednesday, 02 April 2025 04:48 PM
සීයා යමක් කරන්න කිව්වොත් අනුරට ඒක නොකර ඉන්න බෑ. එච්චරයි.
රුවන් Thursday, 03 April 2025 07:22 AM
මියන්මාරයේ ජුන්ටාව කියන්නේ දුෂිත හොරු ඉන්න ආණ්ඩුවක් දෙන ආධාර වලින් වෙන දේ දන්නේ දෙයියෝ තමයි