
(ඉන්දිකා රාමනායක)
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහේෂ්වරන් රවීන්ද්‍රන් (47) සහ ඔහුගේ බෑනා වන. (දියණියගේ සැමියා) තුරෙයිනායගමි සජීදරන් (29) දෙදෙනා බව පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා ඊයේ (1) පස්වරුවේ ඔවුන්ගේ කුඹුරක් වටා සවි කර තිබූ විදුලි වැටක් අලුත් වැඩියා කරමින් සිටියදී විදුලි සැර වැදී ඇත. මෙහිදී එක් පුද්ගලයෙකුට මුලින්ම විදුලි සැර වැදී ඇති අතර, බේරා ගන්නට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයාටද විදුලි සැර වැදී දෙදෙනාම මියගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුදායක මරණ දෙකක්. තමන්ගේ භව බෝග සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්න මිනිස්සු මෙවැනි දේවල් කරනවා. නමුත් බොහෝම භයානකයි. අලුත් වැඩියා කරන්නට ඉස්සෙල්ලා විදුලිය විසන්දි කරන්නට තරම් මෙම දෙන්නගෙන් එක්කෙනෙකුටවත් කල්පනා වුණේ නැති එකයි පුදුමේ...