IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීය.

එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය ප්‍රමුඛ  මෙරට දේශපාලන පක්ෂ දැනුවත්ව සිටිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.

 



අදහස් (10)

මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි

රම්බොඩ Wednesday, 26 February 2025 07:35 PM

ඔය මානව හිමිකම් කතාව ඔහොම්ම තමයි. බටහිරට කිරි අපට කැකිරි

:       2       106

පිටරටවැසියා Wednesday, 26 February 2025 07:48 PM

අපි මේක විමලේ කොලුවාට කියමු. එතකොට උන්දෑ උපවාසයක් පටන් ගනීවි. හැබැයි මේ පාර තැඹිලි වතුර පොවන්න වෙන්නේත් ඔය සීයාටම තමයි...!

:       69       31

Nandalal DE SILVA - FranceWednesday, 26 February 2025 09:44 PM

සීයා, ඒ කවුද? මැදමුල්පේ නාකි මයිනා සීයානේ. මාර සීයා. තවමත් හැරමිටි වාරුවෙන් ගියත්, පංචායුධයට ඩ්‍රින්ක් එකක් දෙන්න උඩපැනගෙන එන්න පුළුවන් කියලා බලමුද?

:       61       11

ලූට මූස් Wednesday, 26 February 2025 08:11 PM

ෂට් අප් ඇන්ඩ් සිට් (නැත්තං) සිට් ඩවුන්...!

:       45       14

ප්‍රියන්ත Wednesday, 26 February 2025 08:13 PM

උපදේශකයෝ 92ක් තියං හිටපු කෙනා, දැං අනිත් අයට උපදෙස් දෙනවා….!

:       57       29

රුවන් Wednesday, 26 February 2025 08:25 PM

විමල් කොලුවා ලෑස්තියි. ඇමරිකාවට අභියෝග කරන්න. ට්‍රම්ප් බය හින්දලු උපවාස කරන්නේ නැත්තේ..? මට කිව්වේ ඇල්වතුරත් නිවලා බොන ගම්මන්පිල...!

:       40       19

Janaka Wednesday, 26 February 2025 08:46 PM

කට වහගෙන යන්න. එනවා මෙතන මගුලක් කතා කරන්න.

:       32       24

Nishan Thursday, 27 February 2025 05:37 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඇමරිකාව ඉවත් කර ගත්තා ජනාධිපති ට්‍රම්ප් විසින්. ඒ ඇමරිකාව තම බදු ගෙවන්නන්ගේ සල්ලි අවභාවිතා කරමින් තමන්ගේ අනිසි බලය මානව හිමිකම් කොමිසම හරහා යොඳවන නිසා. ලංකාවට 2009 න් පසුව මේ මානව හිමිකම් කොමිසම ඉතා දරුණු ලෙස අඩත්තේට්ටම් කළා. ඔවුන් ඉදිරිපත් කළ යුධ අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකි යෝජනව මුලින්ම ප්‍රතික්ෂේප කළේ චන්ද්‍රිකා මැතිණිය විසින්. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ විසින්. ඒක අත්සන් කළා නම් අපේ යුධවිරුවන් බුරුතු පිටින් ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් දඬුවම් දීලා. මේ ඉතිහාසය 2000 න් පසුව ඉපදුනු ලාබාල අය දන්නේ නෑ.

:       0       1

අරවින්ද මොණරවිල Thursday, 27 February 2025 07:01 AM

දැන් රටේ ආණ්ඩුවක් තියෙනවානේ, ඒක බලා ගනියි ඒවා. ඔහෙලා අවුරුදු හැත්තෑ හතක් තිස්සේ හැදුව රට තමයි ඔය තියෙන්නේ. ඒ නිසා දැන්වත් කට වහගෙන පැත්තකට වෙලා වෙන්නේ මොනවාද කියලා බලාගෙන ඉන්නවා.

:       0       1

Rata Perata Thursday, 27 February 2025 12:47 PM

ඕවා ඕන නම් ගෙදර නෝනාට කියන්ඩ ඡන්ද 30 ගානක් පැරදිලාත් මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු මෙයාව පිළිගන්නේ නැ කියලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site