IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උද්ධමනය හෝ විනිමය අනුපාත සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු නොලැබෙන බවයි.

ඊට හේතුව පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ නියෝජනයක් නැතිකම බවද ඔහු සඳහන් කළේය.

මීට පිළිතුරු දුන් මහා බැංකු අධිපතිවරයා පැවසුවේ ආරාධනයක් කරන්නේ නම් පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදීමට සූදානම් බවයි.

මහ බැංකුව සම්බන්ධ ගැටළුවලට නිසි වෙලාවට පිළිතුරු යොමු කරන බව පැවසූ වීරසිංහ මහතා මන්ත්‍රීවරුන් අහන ඇතැම් ප්‍රශ්න අදාළ වන්නේ මහ බංකුවට පමණක් නොවන බවද සඳහන් කළේය.

ඒවා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වන බවත් ඒ සියලු ආයතනවලින් ලබා ගන්නා පිළිතුරු එකතු කර වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට දෙන බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

 



අදහස් (0)

මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site