IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මත් ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල කුරුණෑගලින් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල ලෙස කෝටි 28ක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාරීන් විසින් සොයා ගත් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා අද (17) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා පැවසුවේ දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවය.

එම වැටලීමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද පොලිස් භාරයට  ගෙන ඇත.

ප්‍රධාන සැකකරු පිටුපස සිටින දෙවන සහ තෙවන පෙලේ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 1415ක් හඳුනා ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනබවද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

වත්මන් රජය පත් වූ දිනයේ සිට මේ දක්වා පොලිසිය විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ 373ක්, ගංජා සහ කේරළ  ගංජා කිලෝ 3504 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 751ක්, කොකේන් කිලෝ 3.7ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවද වීරසූරිය මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු මෙහෙයුම් සිදුකිරීම සඳහා පොලිස් නිලධාරීන් 22,000 කගේ අඩුවක් පවතින අතර ඉදිරියේදී පොලිස් නිලධාරීන් 10,000 ක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා පැවසීය.

 



අදහස් (4)

මත් ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල කුරුණෑගලින් අල්ලයි

Nihal Saturday, 18 January 2025 07:18 AM

මුදල් ප්‍රමාණය අනුව හිතාගන්න පුළුවන් ඇබ්බැහිවීම...

:       0       5

Lalla Saturday, 18 January 2025 03:01 PM

පොලිස්පතිවරයා කියන්නේ මේ රජය බලයට පත්වූ දා සිට කරන දේවල්. එතකොට පොලිස්පති ධුරය සහ පොලිසියේ කටයුතු ආණ්ඩුව වෙනස් වන විට වෙනස් කරනවාද? ඒක වැරැදි ප්‍රකාශයක් නොවේද? පොලිසිය මොන ආණ්ඩුව තිබුණත් අපක්ෂපාතීව කටයුතුවල නිරත විය යුතු නිර්පාක්ෂික රාජ්‍ය ආයතනයක් නොවේද?

:       5       7

sbSaturday, 18 January 2025 04:06 PM

කලින් ඉතින් හරියට වැඩ කරන්න දෙන්න නැතිව ඇති නේද පොලිසියට - දේශපාලක පිහිට තියෙන්නෙ ඇතිනේ කුඩු "ව්‍යාපාරිකයින්/ව්‍යවසායකයින්" ට

:       2       12

sb Saturday, 18 January 2025 04:09 PM

උපුල්දෙණිය මහත්තයාට මේ නිව්ස් පේන්නේ නැත්ද දන්නේ නෑ... හිරේදී මේ ක්‍රියා නැති කරලා දාන්න බැරි ඇයි කියලා එතුමාට තේරෙන්නේ නැතිව ඇති... පව් අනේ..!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site