
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මත් කරල් තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේදී ඌරගස්මංහන්දිය යුද පිටිය කීඩාංගණය අසලදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
ඌරගස්මංසන්ධිය සිට කොස්ගොඩ දෙසට සැකකරු රැගෙන යමින් සිටි මත් කරල් 1,340ක් සහිත පැකට් තොගයක් සොයාගත් බවද පොලීසිය කියයි.
සැකකරු මත් කරලක් රුපියල් පන්සීයකට අලෙවි කරන බව විමර්ශනයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
මත් කරල් රැගෙන යමින් සිටි සැකකරු ඌරගස්මංහන්දිය ,කයිලත්ත පදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනව ඇල්ලුවත් වැඩක් නැහැ ,පාසල් වල දරුවන් බොහෝමයක් යම්කිසි හෝ මත්ද්‍රව්‍යයකට, මත් වෙන ටොෆි වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා තමයි ආරංචි. මම මේ කියන්නේ පාසල් වල දරුවන් එක්ක කතා කරලා ගත්තු අත්දැකීම් වලින්... ඉස්සරහට, එළියට එන ඇබ්බැහි වුණු පරම්පරාව වැඩිවෙයි. -ඒ කියන්නේ හොරකම්, මිනීමැරීම් මාර්ගවල යන අයට තියෙන ආරක්ෂාව,ගෙවල් දොරවල් වල ආරක්ෂාව අඩුවෙයි. ඒ නිසා OL, AL පන්තිවල සිසුන් අනිවාර්ය මෙඩිකල් ටෙස්ට් එකකට යොමු කරන්න ඕනේ, සරසවි සිසුනුත් එහෙමයි. රජයට විතරක් ලේසි නැහැ. දැන්මම මොනයම්ම හරි වැඩ පිළිවෙලකින් ඇබ්බැහි වුණු දරුවන් ඉක්මනින්ම පුනරුත්ථාපනය කළයුතුයි. නැතිනම් මේ රටේ අනාගතය සෝම්බි රාජ්‍යයක් වීමේ හැකියාව වැඩියි. මොකද මේ ඇබ්බැහිවුණු ගහණය වැඩිවෙන්නේ හරි සීග්‍රයෙන්...