(සුජිත් හේවාජුලිගේ)

ලංකාවට මත්කුඩු සපයන ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටනට සහභාගි වෙමිනි.

වටගල මහතා මෙසේද පැවසීය

ප්‍රබලම සැපයුම්කරුවන් විසි නවයක් අපේ අතේ ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවන් දැන් පාපොච්චාරණය කරනවා.එතකොට සමහර අය නම් කලබල වෙලා තියෙනවා