(කාංචන කුමාර ආරියදාස)

සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.

සීගිරියේ අභය භූමියේ වන සතුන්ට හානි කිරීම, අපද්‍රව්‍ය අභූමියට මුදා හැරීම, සිගිරි පව්ව ඉදිරිපිට ඇති සුන්දර වැවට අසූචි මිශ්‍ර ජලය මුසු කිරීම , අසුචි පිරවූ බෑග් යොදාගෙන වන සතුන් දඩයක් කිරීම ආදී බරපතල පරිසර දූෂණයක් සිදු කළ බවට සැකපිට එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක්මත වන ජීවී නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු දෙපාර්තමේන්තු සේවකයන් පනස් දෙනකු පමණ යොදවා ගෙන අද දහවල් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වනජීවී අඩවි ආරක්ෂක එස්.එස් මලින්ත මහතා පියවර ගත්තේය.

හෝටලය පිටුප සීගිරිය අභය භූමියට අයත් වනාන්තරය අභය භුමිය පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අභයභූමිය තුළට හෝටලයෙන් ඉවතලන සෑම අපද්‍රව්‍යයක් ම යොදවා ඇති අයුරුත් ඒවා වන සතුන් වන අලින් ආහාරයට ගෙන ඇති ආකාරයත් නිරීක්‍ෂණය වු බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.