IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට  වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

මෙම ප්‍රධානියා පසුගිය 10 වැනිදා සිකුරාදා එම ඇමැති කාමරයට  ගොස්   ඇතැයිද පාර්ලිමේන්තු  ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමති කාමර අතීතයේ පටන් වෙන් කෙරෙන්නේ ඇමතිවරුන්ට පමණි.

කාලයකට පෙර නීතිපතිවරයකු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමැති කාමරයක්  දෙන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවේදී මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ වෙනත් උසස් තනතුරක සිටියදී ප්‍රතික්ෂේප කර තිබූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එසේ ප්‍රතික්ෂේප කළ පුද්ගලයා පාර්ලිමේන්තු කමිටුවකට පත්වී පැමිණ ඇමති කාර්යාලයක් මෙසේ ලබා ගැනීම හාස්‍යජනක කාරණයක් බවද   ප්‍රකාශ කරයි.

මෙම විශේෂ කමිටුව වෙනුවෙන් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක කාර්යාලයක්  පවතින නමුත් සමහරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින ආහාර පාන ඇතුළු  පහසුකම් හේතුවෙන්  ඒ ස්ථානයට යෑමට අදිමදි කරන බව දැනගන්නට  ඇත.

මේ හේතුව නිසා  එම කාර්යාලය කාලයක සිට වසා දමා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් තනතුරක් දරා විශ්‍රාම යෑමෙන් පසු  පසුගිය රජය වකවානුවේදී  ඉහත කමිටුවේ ඉහළ නිලයකට මෙසේ පත් කෙරුණු අතර මෙම තනතුර වෙනුවෙන්  ඔහුට මාසයකට රුපියල් ලක්ෂ හයකට වැඩි දීමනාවක් සහ පහසුකම් ලැබෙන බව දැනගන්නට ඇත.



අදහස් (7)

මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා

Rajasena Tuesday, 14 January 2025 06:27 AM

උනුත් එකයි, මුනුත් එකයි කිව්වට උන් මුන් දෙගොල්ලටම වඩා රට කාල තියෙන්නේ නිලධාරීන් කියලා මෙයින් පැහැදිලියිනේ.. දැන් බලනකොට ඇමැතිටත් ඉහළින්ම නිලධාරි ඉන්නවලු කැබිනට් එකට එම නිලධාරියා ඉවත්කරන්න ශක්තියක් නැද්දෝ..!

:       2       32

ජගත් ලියනගේ Tuesday, 14 January 2025 06:37 AM

අප ජා.ජ.වේ.යට ඡන්දය දුන්නේ පෙර රජයන් කරපු වැරැදි සහ ජරාජීර්ණ වූ දේශපාලනය නැති රජයක් බලාපොරොත්තුවෙන්ය. එම වැරැදීම, පවතින රජයත් කරන්නේ නම් අපගේ බලාපොරොත්තු සුනුවිසුණු වී ඇති බව වගකිවයුත්තන් දැනගත යුතුයි.

:       1       25

මන කාන්ත පූගොඩ ආරච්චි Tuesday, 14 January 2025 08:31 AM

පාර්ලිමේන්තුව බොහෝ කාලයක් බොහොම ස්වාධීනව තම මැදහත්භාවය පවත්වාගෙය යමින් කටයුතු කළ ආයතනයකි. බොහොම මෑතකදී විශ්‍රම ලත් නිලධාරියෙකු තම අඩු ලුහුඩුකම් වසා ගැනීමට සමස්ථ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග පලිගැනීමේ චේතනාන්විතව යම් යම් සැලසුම් ක්‍රියාත්මක කරයි. ඔහු සභාවට සම්බන්ධ අනධ්‍යන කාර්ය මණ්ඩලයක ප්‍රධාන තනතුරකට පත්ව තම පරණ කෝන්තර පිරිමහා ගැනීමේ උත්සහයක් ලෙස මෙවැනි දේ පල කිරීමට මාධ්‍ය වේදීන් පාවිච්චි කරයි.

:       15       18

Small man Tuesday, 14 January 2025 10:54 AM

දසන යකා....

:       0       6

fairoos Tuesday, 14 January 2025 11:55 AM

ගියේ ආණ්ඩුවේ පත්කරපු කෙනෙක්ද. එහෙනම් NPP එක බලගනි.

:       6       14

අරවින්ද මොනරවිල Tuesday, 14 January 2025 12:58 PM

කියන විස්තරයට අනුව නම් මෙයා ධම්මික කිතුල්ගොඩ වෙන්න ඕනෑ... දේශපාලන හිතවත්කම් මත හා තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගන්න විශ්‍රාම ගිය මහල්ලන්ට යම් යම් තනතුර දුන්නාම ඔවුන් ඒවා අයුතු ලෙස පරිහරණය කරනවා...

:       4       17

KaduwelaTuesday, 14 January 2025 08:23 PM

ධම්මික කිතුල්ගොඩ නොවේ. ධම්මික දසනායක නැමති දසයා..ඔහු මැරුනත් පාර්ලිමේන්තුවේ මකුනෙක් වී ඉපදෙන්න ඉන්න එකෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1641 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site