IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ සමයේ ගොවියා රජකරවූ මාලිමාව අද ගොවියා අසරණ කරලා

(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ සමයේ වේදිකා තුළ ගොවියා රජකරවූ මාලිමාව අද වනවිට පොරොන්දු වූ සහතික මිලත්  වගා සහනාධාරත් අහිමි කර   ගොවියා අසරණ කර ඇතැයි  - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉහළ ගුණාත්මක පොහොර සහ  පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බැවින් අද වනවිට  ගොවිතැන දුෂ්කර වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව බව කියා සිටියේ අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ පැවති උත්සවයකට අද (14) එක්වෙමිනි.

මැතිවරණ සමයේ දී වී සඳහා  සහතික මිල රු 150ක් කර නීති මගින් සනාථා කරන බවට පැවසුවත් තෙත වී ගන්නේ රු 90- ට 95ට බැවින්  සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වී නැති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අලි මිනිස් ගැටුම නිසා බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් වගා කටයුතු කළත් පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

අද වන විට රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා බෙහෙත් නොමැති බැවින් පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් ලබාදීමට නොහැකි නම්  නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ඵලක් නැති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලයත් ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (10)

මැතිවරණ සමයේ ගොවියා රජකරවූ මාලිමාව අද ගොවියා අසරණ කරලා

Chathuri Sunday, 14 September 2025 05:17 PM

ලාමක ටින්ටින්... පසුගිය කාලයේ හොර ගොබ්බ පාලන කාලයේදි ගොවියෝ වහ බිව්වා. ටින් ටින් එදා කොහේද හිටියේ... මේ විදියට උඩු බිරුවේ නැත්තේ. පක්ෂය බේරාගන්න ඕන නිසාද? දැන් ගොවියා ගැන දුක් වෙන්න ඕනෑ නැහැ විශ්‍රාම වැටුපක් පවා හදලා තියෙන්නේ.... ගොවියෝ කොහොමත් අසරණයි. ඒ නිසානේ ඔබලා පොහොර ටිකටත් විද්දේ... මතකද පොහොර වලට කරපු දේ. ඔබලා ඇවිත්. ලෝකයේ ඉන්න තිරසන් හිගන්නු දුප්පතාගේ දේවල් හොරා කාලා වැජඹුනේ... දැන් සැපද? ඔබලා ජනතාවගේ දුක කියනවා. ජනතාව නුඹලාට වුණු දේට සතුටු වෙනවා. ඔබලා දැන් අසරණ වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...

:       7       23

Nel Monday, 15 September 2025 04:44 AM

චතුරි, පරණ දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි මාලිමාව පවා ගොවියව රවට්ටලා ඡන්ද ගන්න එක තමයි කරේ. මතකද පහුගිය කාලේ ගොවි සංවිධාන නායකයෙක් මැතිවරණ සමයේ කිව්වා වගා හානි වන්දි ලෙස අක්කරයට රුපියල් ලක්ෂය ගානේ ගෙවනවා කියලා. ඒ ඡන්ද වලින් දිනලා තමයි එයා රාජ්‍ය ඇමති කෙනෙක් වුනේ. ඊට පස්සේ ඇත්තටම වගා හානි සිදු වෙලා අක්කරයට රුපියල් හතලිස් දාහක් විතරක් ගෙවන වෙලාවේ එයා තමන්ව කර උඩින් ගෙනත් රජ කරවපූ ගොවීන්ව මග ඇරිය. ආපහු මතුවුනේ රිලවු ගනින්න. ඒ නිසා ඇස් ඇරලා බලන්න. සජිත් කණ්ඩායම ඇතුළු අනිකුත් සාම්ප්‍රදායික පක්ෂ විතරක් නෙවෙයි රට බේරාගන්න කියලා දැන් ඇවිත් ඉන්න අයත් එච්චරයි. දිනුවට පස්සේ කවුරුත් රාජකීය මානසිකත්වයක ඉන්නේ. අනික, ගොවි විශ්‍රාම වැටුප හැදුවේ අද ඊයේ නොවේ. පනින්න පෙර විතරක් නෙමෙයි ලියන්න පෙරත් සිතා බලනු

:       0       2

akashMonday, 15 September 2025 10:49 AM

අහක ඉන්න බුදු හමුදුරුවන්ට කියන්නේ නැතුව නාමල් කරුනාරත්නට කියන්න වගා හානිවලට අක්කරේට රුපියල් ලක්‍ෂය ගානේ වන්දි දෙනවා කියපු පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියලා. නැත්නම් ඉතින් මේ රජයත් පරන කට්ටිය වගේම බොරු කාරයෝ තමයි.

:       0       2

farmer familyMonday, 15 September 2025 10:51 AM

ගොවි විශ්‍රාම වැටුප් දුන්නේ මේ රජයෙන් නෙවෙයිනේ. ඒවා කලින් ඉඳලම තිබුනු දේවල්.

:       0       2

පොඩිඑකා Sunday, 14 September 2025 06:58 PM

ගොවියෝ නම් එහෙම කියන්නේ නෑ. මෙයා කරන ගොවිතැන මොකක්ද?

:       0       0

ගමේ එකාලා Sunday, 14 September 2025 08:01 PM

ඔය තරම් දුක නම් ඉස්කෝල ගානේ ගිහින් ,කැසිනෝ කාරයන්ගේ පිහිටෙන් බස් බෙදපු වෙලාවේ ගොවියෝ ගැන හිතලා වැඩ කරන්ඩ තිබුණනේ, ජපනෙක් වෙන්න හැදුව එකනේ කෙරුවේ...

:       0       0

Nimal 1 Monday, 15 September 2025 06:09 AM

මෙයාට කයිවාරු ගහන එක ඇරෙන්න වෙන කරන්න වැඩක් නැහැ

:       1       2

Perera Monday, 15 September 2025 08:56 AM

අපොයි ඔව්, මෙයාලා ආණ්ඩුකරපු කාලේ ගොවියො හිටියේ රජවරුන් වගේ නේ. අනේ පලයන් සජියෝ යන්න.

:       1       4

කව්ද බෝයි Monday, 15 September 2025 09:01 AM

අර හාල් මුදලාලිට මන්ත්‍රී කමක් දෙන්නං කියලා පොල්ල දාපු ලක්ෂ පන්දාහ රිටන් කරලා ඉන්නවද? එතකොට ගොවියාට ටිකක් හරි හොඳ කලක් යාවි.

:       0       4

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:15 AM

මෙයා දැන් නයා මැරුණ අයිකුණ්ඨකයා ගානට වැටිලා, රටේ ජනතාව මෙයා කියන ඒවා සතපහකට ගණන් ගන්නේ නැහැ ! පාක්ෂිකයන්ට මෙයා ගැන කිසිම විශ්වාසයක් නැහැ, මෙයත් එක්ක ගිහිල්ලා ජාති ජාතිත් දිනන්න බැහැ කියලා දන්න නිසා. හැබැයි සැම සතියෙම මොකක් හරි මෝඩ කතාවක් කියලා එයා තවම මේ රටේ විපක්ෂ නායක කියලා අපිට පෙන්වන්න හදනවා. ආණ්ඩුවේ වාසනාවට හා රටේ අවාසනාවට පත් උන විපක්ෂ නායක.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13510 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site