(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතාට අපහාසාත්මක හා අගතිදායක ප්‍රකාශ කර එම ප්‍රකාශ අන්තර්ජාලයේ පළකළේ යැයි කියන එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති හා සමගි ජන බලවේයේ හිටපු සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසකට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(13) නිකුත් කළාය.
මුජීබර් රහුමාන් මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළාය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ප්‍රදීප් චාල්ස් ,youtube නාලිකා හිමිකරුවන් වන නදීෂ අමරනාත්,තුෂාරා සෙව්වන්දී ගූගල් සමාගම හා ෆේස්බුක් සමාගම නම්කොට තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පළමු වග උත්තරකරු ක්‍රියාකාරී දේශපාලනඥයෙකු බවත් ඔහු නිරන්තරයෙන් පැමිණිලිකරු සම්බන්ධයෙන් අපහාසාත්මක හා අගතිදායක තහනම් ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කරමින් සිටින බවය.පළමු වග උත්තර කරුට එරෙහිව පැමිණිලිකරු විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ බවත් එම නඩුවක් මිලදිකරුගේ වාසියට තීන්දු කර ඇති බවත් පැවසීය.
එසේ තිබියදී තවදුරටත් තහනම් ප්‍රකාශ නිකුත් කරමින් සිටින විත්තිකරුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
අදාළ ප්‍රකාශය youtube හරහා අන්තර්ජාලයට උඩුගත කිරීම වළක්වමින් අනෙකුත් වග උත්තරකරුවන්ටද වාරණ නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කොන්දේසි සහිත වාරණාඥාවක් නිකුත් කරමින් වග උත්තරකරුවන්ට ලබන විසි හත දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළාය.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුජීබර්ට අපහාසා කළැයි ප්‍රදීප් චාල්ස් අතුළු පිරිසට වාරණයක්
අරවින්ද මොණරවිල Friday, 13 June 2025 06:06 PM
අපහාසයක් කරන්න පුළුවන් යහපත් හා ගෞරවනීය චරිතයකට හිමිකම් කියන මිනිසුන්ට විතරයි, දේශපාලන තක්කඩියන්ට හා සෙවලයින්ට අපහාස කරන්න කාට නම් පුළුවන්ද?
රනේ Friday, 13 June 2025 06:36 PM
මෙයාට අපහාස කරන එකම අපහාසයක්...!
Nieo Friday, 13 June 2025 08:15 PM
ඔය ඊශ්‍රායෙල් වලට එරෙහිව කරන ප්‍රකාශ වලට මුජිබර්ව හිරේ දාන්න ඕනෑ...