
(කේ. බුද්ධික කුමාරසිරි,ගයාන් සුරියආරච්චි,බිමල් ශාමන් සහ ශාන්ත කුලරත්න )
හංවැල්ල පහත්ගම සහ මීගොඩ නදුන්උයන ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
හංවැල්ල ප්‍රදේශයේ නිවසකට පා ගමනින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (13) රාත්‍රී 9.50 ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් නිවසේ සිටි එක් අයෙකුගේ පාදයකට වෙඩි වැදී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
වෙඩි වැදුණු පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.
තුවාලකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තාගේ සමීපතමයෙකු බව කියන කන්දඋඩ ඉරේෂ් නැමැත්තාගේ පියා වන 55 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
මේ අතර මීගොඩ මුතුහේනවත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ (13) රාත්‍රී 10 ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසයි.
එක් වෙඩි පහරක් තබා ඇති අතර එම උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත. වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇත.
එම නිවැසියන් පවසන ආකාරයට දහවල් කාලයේ ද වෙඩි තැබීමට පැමිණි ආකාරයේ යතුරුපැදියකින් පැමිණ නිවස ඉදිරිපිටින් හරවා යළි ගොස් ඇති බවද පොලිසිය පවසයි.
අදාල නිවසේ සිටින කාන්තාවක ඩුබායි රාජ්‍යයේ කාර්ගෝ සේවාවක් පවත්වාගෙන යන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිය කිරීම සඳහා මෙලෙස ආසට වෙඩි තබා පලා ගියාද යන්න සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර ගිනි අවි දරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය මැලිකම් දක්වන්නේ මන්දැයි දැන් අපට සිතාගත හැක. මේ ගැන තවත් කතා නොකර සිටීමට සිතාගතිමු.
ගණන් ගන්න එපා. ඕවා අලුත් පොලිස්පති පිලිගන්න පත්තුකරන මල් වෙඩි.
දවසේ වෙඩිල්ල. කෝ මේ වොෂින්ටින් අරවින්ද ඩෝබිවිල. ටක් ගාලා ඇවිත් මේවා හෝඳනවා මනුස්සයෝ . මිනිහටත් ඉතින් හෝදන්න කියලා එක තැනක් යැයි. හැම තැනම එක වගේ හොඳන්න වෙලා නේ