
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ජෝන් කීල්ස් සමාගම ආනයනය කර ඇත්තේ කිලෝ වොට් සීයක ධාරිතාවෙන් යුතු වාහන බවද එම නිවේදනය සඳහන්වේ.
එම වාහන සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පැහැදිලි කිරීම් ලබාදීමට සමාගම කටයුතු කරන බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය බලධාරීන්ට ලබා දෙන බවත් එම නිවේදනයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරියේදී පාරිභෝගිකයන්ට ලබාදීමට සමාගම කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කස්ටම් එක බොරුද කියන්නෙ කිලොවොට්150යි කියල. ව්‍යාපාරිකයො අමාරුවෙ දාල මිනිස්සු මුලා කරල මොනවද මේ කරන කැත වැඩ.
මෙරටට වසරේ දින 365 ම හොදින් හිරු එලිය ලැබෙනවා , හොඳ සුළගක් ලැබෙනවා , වර්ශපතනයේත් , එච්චර ප්‍රශ්නයක් නැහැ , අප බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවාසවල , එම නිසා අපට සුර්ය පැනල සවිකර ගෙන ප්‍රයෝජනයට ගතහැකි නමුත් දැනට ප්‍රයෝජනයට නොගන්න විශාල පෘෂ්ටයක් තිබෙනවා වහල් මත . එමනිසා අප පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට යොමු වෙන්න ඕනේ , සුර්යබලයෙන් ක්‍රියාකරන වාහන වලට ගහන මේ අසාධාරණ තීරු බද්ද අවම වශයෙන් 50% වත් අඩු වෙන්න ඕනේ , එහෙම කලොත් දිනපතා කනිජතෙල් වලට පිටරටට ආදී යන විශාල විදේශවිනිමය ප්‍රමානයක් රටේ ඉතුරුවන අතර , පරිසරයටද හිතකාරී වේ
අවුරුදු 5කින් ඔය විදුලි වාහන කුණු කොල්ලෙට තමයි විකුණන්න වෙන්නේ
සමහර අයගේ වැඩ හරිම ප්‍රාථමිකයි. බබ්බු වගේ හැමදේම ඇඟිලි ගගහා අහන්න ඕනේ, එහෙම නැත්නම් කියන්න ඕනේ.