(ඉන්දිකා රාමනායක)
බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි.
මෙම සිද්ධිය මාධ්වල මෙන්ම සමාජ ජාලා වල ප්‍රචාරය වු බවද හෙතෙම කීය.
මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු හා තරුණයන් දෙදෙනකු වන බවත්, පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින තරුණිය වත්තල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියන් බවත්, ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නියක් බවට ආවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
ඇය පිළිබඳව දැඩි සේ නීතිය ක්‍රියාත්මක කර මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ යුතුයි. රටේ ප්‍රශ්න මොනවා වුවද විනයක් තිබිය යුතුයි. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන් කරන්නේ රාජකාරියකි. ඔවුන්ට ගැරහීමට හිස් මිනිසුන්ට ඉඩ තැබීම භයානක දෙයකි...
උපරිම දඬුවම් දිය යුතුයි. මොවුන් පොලිසියට මෙහෙම නම්... සිවිල් වැසියන්ට පාරක යන්න බැරිවෙනවා.
ෂුවර් එකට මෙයත් අර විරෝධකාරියක් වෙන්න ඇති. එයාලා තමයි දැන් නීතිය අතට අරගෙන තියෙන්නේ...
ඔය විදිහටම බොරැල්ලේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා මහපාරේ යටකරලා මරපු අයටත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් කොහොමද?
රටක විනය පිරිහෙනකොට මේ වගේ දේවල් සිදුවීම නවත්වන්න බෑ. පොලීසිය දේශපාලන වන්දනාවේ යන්නේ නැතිවහිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.