IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බෙලිඅත්තේ කඩ සහ පොදු වෙළෙඳපොළ දින තුනක් වහයි

(සුජිත් හේවාජුලිගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)

බෙලිඅත්ත නගරයේ   අවමඟුල් නිවෙසකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු හමු වී ඇති අතර  එම අවමගුලට ප්‍රදේශයේ  විශාල පිරිසක් සහභාගිවී ඇතැයි තොරතුරු හෙළිවීම නිසා  ආරක්ෂක පියවරක් ලෙස නගරයේ සියලු වෙළඳසැල්  හා පොදු වෙළෙඳපොළ  (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පවසයි.

මෙම අවමඟුලට සහභාගී වූ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද කොවිඩ් ආසාදනයවීමෙන් මිය ගොස් ඇතැයි සභාපතිවරයා කීය .

මේ පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසු ප්‍රදේශයේ පිරිසක් පී.සි.ආර් පරීක්ෂණවලට යොමු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති .

මේ අතර පවතින තත්වය යටතේ බෙලිඅත්තේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර ඇත.

අවමඟුල් උත්සවයේ කිහිපදෙනකුට කොරෝනා වැළඳී ඇති බව දැනගෙන සිටියද එය සෙසු අයට වසන් කර තිබූ බව පෙනී යන්නේ යයි එම සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති .



අදහස් (0)

බෙලිඅත්තේ කඩ සහ පොදු වෙළෙඳපොළ දින තුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 555 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 491 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site