(ගයාන් සූරියආරච්චි )
බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.
බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත් ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අධික වේගයෙන් රිය පැදවීම, මං තීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අපි 10000 දීලා බේරෙමු...
හදාරන්න දුන්නාම වැඩේ ගොඩ, තල්දූවලට හුළං තමයි.
අතඇරියොත් අපි දෙනවා දහදාහක්...
ඉතා හොඳ තීරණයක්. අගය කළ යුතුයි.
බීමතින් රියක් පදවා අසුවුවහොත් එදින සිට රියැදුරන් බලපත අහෝසි කරන්න. ඒක සමාජයට කරන විශාල සේවයක්... ඒ වගේම නැවත රියදුරු බලපත්‍රය ලබා නොදිය යුතුයි...!
දැන් ඉතින් රුපියල් පන්දාහකට වඩා වැඩි ගාණක් පොලිසියට පගාව දෙන්න වෙයි. කොහොම වුණත් පොලිස් රාලහාමිලාට නම් අවුරුදු සරුවට තියෙයි..
රියැදුරන් ලුහුබැඳ ඇවිත් වෙඩි තිබ්බාම කීයක් දෙනවද?