(ඉන්දිකා රාමනායක)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල විශේෂ කණ්ඩායමක් අමාත්‍යාංශය වෙත ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇත.
විධායක අධ්‍යක්ෂවරයාගෙන් පමණක් අවස්ථා කිහිපයකදීම සිද්ධියට අදාලව වරින්වර ප්‍රකාශ සටහන් කරගත් බවද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
මොවුන්ගේ හිටපු ඇමැතියත් එක්කම මොවුන්ව උල තියන්න ඕනේ...!
හොඳම දඬුවම මේ අයට හා පවුල්වලටම මේ හොර බෙහෙත්ම දෙන්න ඕනේ... ඔවුන් අසනීප වුණු විට..!
හිටපු ඇමැති හොරු... ඉක්මණින් අත්අඩංගුවට ගන්න.
මෙන්න නිලධාරීන්ට තවත් අවවාදයක්... අවංකව සේවය කරන්න නැතිනම් හැමෝටම කූඩුවේ තමයි පරිප්පු කන්න වෙන්නේ...
රනිල් තමයි කෙහෙළියගෙන් ස්ටේට්මන්ට් 1 ගන්න දෙන්නේ නැත්තේ CID එකට, CID එක අසරණ වෙලා ඉන්නේ...!
මේකට සම්බන්ධ කැබිනට් එකේ ඉන්න මහ මොලකාරයාව අත්අඩංගුවට ගන්නේ කවද්ද කියලා CID එකේ මහත්වරුන්ට කියන්න පුළුවන්ද?