
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රැකියා පොළක් පවත්වන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පළාත් මට්ටමින් මෙම රැකියා පොළ පවත්වනු ලබයි.
එම බස්නාහිර පළාත් රැකියා පොළ ගම්පහ, යසෝදරා දේවී බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී සෙනසුරාදා (23) පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම රැකියා පොළ වැඩසටහනේදී තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර එදින සහභාගී වන විදේශ රැකියා අපේක්ෂිතයින් කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචි කරගැනීමද සිදුකරනු ලබයි.
ඊට අමතරව ශ්‍රී ලංකා රජය, ජපානය, ඊශ්‍රායල් හා දකුණු කොරියා රජයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් අනුව ලබාදෙනු ලබන විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදුකෙරේ.
කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 25 ක් මේ සඳහා සහභාගිවන අතර, එම ආයතන වෙත ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබාගැනීමට, ඒ සඳහා අයැදුම් කිරීමට හා රැකියා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී රැකියා සඳහා සෘජු බඳවාගැනීම් සිදුකිරීමටද නියමිතය.
මීට අමතරව බස්නාහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 123 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.75 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොළ වැඩසටහන සංවිධානය කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන පැවැත්වීමට කාර්යාංශය අපේක්ෂා කරයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස්නාහිරට විදෙස් රැකියා පොළක් එයි