
(අංජුල මහික වීරරත්න)
වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන "බුද්ධ රශ්මි වෙසක් කලාපය" මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීරණය කෙරිණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව "බුද්ධ රශ්මි වෙසක් කලාපය" සංවිධානය කරනු ලබයි.
"බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025" මැයි 13 වැනිදා සිට දින හතරක් පැවැත්වීමට නියමිතය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර පරිශ්‍රය,පෙරහර මාවත හා බේරේ වැව ආශ්‍රිතව වෙසක් කලාපය පැවැත්වීමට නියමිතය.
ත්‍රිවිධ හමුදාව, පාසල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන්,රාජ්‍ය ආයතන හා බන්ධනාගාර රැඳවියන්ගේ වෙසක් සැරසිලි, වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශන මෙම වෙසක් කලාපයට ඉදිරිපත් කරයි.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි සහ ආචාර්ය පල්ලේගම රතනසාර නා හිමි වරු ද ආරක්ෂක ලේකම් එච්.එස්.එස් තුයියකොත්තා,බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඩබ්.පී සේනාධීර, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්