IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීඩී මිල ඉහළට

(යොහාන් භාසුර)

බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.


මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය කීය.

අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය.

බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පැවසීය.

බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කී එම සංගමය රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.

බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන 'තෙන්දුකොළ' හෙවත්  බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්ව සිටීම නිසා බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට හෙට (10) සිට බීඩි අළෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය කීය.

බීඩිකොළ  සම්බන්ධයෙන් පවතින නීති විරෝධී තත්වය මගහරවා ගැනීමට මැදිහත් වන ලෙස වර්තමාන රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (1)

බීඩී මිල ඉහළට

Bandara Thursday, 09 October 2025 12:10 PM

ගම්මන්පිල ට එල්ලෙන්න තුත්තිරි ගහක් . දාමු ආණ්ඩුවට වලියක්

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site