
(ධම්මික ගුණවර්ධන)
පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.
මෙම පහරදීමෙන් අනතුරුව ගුරුවරිය සන්තකයේ පැවති ජංගම දුරකථනයක් ,මුදල් හා රන් ආභරණද කොල්ලකා සැකකරු පළාගිය බවට පල්ලේගුණ්නැපාන පදිංචි එම ගරුවරිය කටුගස්තොට පොලීසියට පැමිණිළි කළාය.
සිද්ධියෙන් පහරකා ඇති සිසුන් පස්දෙනා එම අනපේක්ෂිත සිද්ධියෙන් ගුරුවරිය බේරාගැනීමට උත්සාහ ගත් එම විද්‍යාලයේ ඉගනුම ලබන 9 වසරේ සිසුන් බව අප පාසලෙන් කළ විමසුමකදී එහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.
මෙම පාසල කටුගස්තොට පොලීසිය ආසන්නයේ පිහිටා ඇත.
COMMENTS
මේ විද්‍යාලයේ ගුරුවරු ස්ටාලින් හා මහින්ද ගෝලයො වෙන්න ඇති නැත්නම් එක එකාට ඕන ඕන ආකාරයට පාසලක පංතිවලට එන්න බැහැ දරුවො හයියෙන් කෑගැහුවා නම් අනෙක් ගුරුවරුන්ට පැමිණි එකා අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබුනා ඔය අතර පාසලේ මුරකරුවාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕන ඔය ගුරුවරිය මාරුවක් බලාපොරොත්තුව සිටින කෙනෙක් නම් මේක ඇයගේ උපක්‍රමයක් වෙන්න පුළුවන් එහෙම නම් ඇයට මාරුවක් දීම කෙසේවත් සුදුසු නැහැ
පාසැල පැවති වේලාවක පාසැලටම පැමිණ පහරදීමට තරම් කාගේ හයියකින් ආපු පිරිසක්ද? අනික පාසැලේම අය වටවුනා නම් ඔවුන්ට හොඳ ප්‍රති ප්‍රහාරයක් දෙන්න තිබුනා. කෙසේ වුවත් 9 වසරේ දරුවන් පස් දෙනා කල වීර ක්‍රියාව අගය කල යුතුයි.