
(පුෂ්පකුමාර මල්වආරච්චි)
පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට ගෙන ඇති අවිධිමත් ක්‍රමවේදයක් නිසා පෞරානික පබළු, කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ විනාශවී යාමේ තර්ජනයක් ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.
මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව පුරාවිද්‍යා හා වන රක්‍ෂිතයේ මතුපිට ඇති ද්‍රව්‍ය ඉවත්කිරීම පෞද්ගලික සමාගමකට භාරදී තියෙනවා.
මතුපිට කොල රොඩු තට්ටුව සූරා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරුවන් මෙහි ඇති ඓතිහාසිකත්වය ගැන දන්නේ නැහැ. මහ පොලොවෙ පුරාවස්තු තිබෙන්නේ පස හා එකට සම්බන්ධ වෙමිනි. මෙය ඉතා පරිස්සමින් කළ යුතු කටයුත්තක් . මේ ඉවත් කරන පස් මිශ්‍ර කොල රොඩු අතර පබළු කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ තිබෙන්න පුළුවන්.
කැණීම් කරපු නොකරපු හැම තැනකම කුඩා මුරගල් ද තියෙනවා. මේ ක්‍රියාවලිය නිසි අධීක්ෂණයකින් සිදු නොකලහොත් ජාතියට වටිනා පුරාවස්තු අහිමි වීමේ දැඩි තර්ජනයක් තියෙනවා.
අද පුරාවස්තු කියන්නේ විශාල ජාවාරමක් බැවින් වහාම මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සොයා බලා මෙය නතර කළ යුතුයි.
බටලීයේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමිත හිමියෝ මේ බව හෙලි කළහ.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුරාවස්තු වැනසෙන ක්‍රමයක් පෙන්නයි
මොට්ටපාල Wednesday, 31 May 2023 05:24 AM
මධ්‍යම සංස්කෘතික අරමුදලට තියෙන වගකීම එහි ප්‍රධානියා නොදන්නා නිසා මෙහෙම වෙනවා කියලා හිතෙනවා .ඇත්තටම පුරාවස්තු සම්බන්ධයෙන් වගකීම තියෙන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණයි .මෙහෙම බෙදා හදාගෙන පුද්ගලික වාසියට කටයුතු කලාම ඔහොම වෙනවා. කොන්ත්‍රාත් දීමේදී කිසිම කොන්දේසියක් නොදමා කටයුතු කලොත් ඔහොම වෙනවා .මේවා මෙහෙම වීමට බෙදාගෙන කටයුතු කිරීමට අනුමැතිය දෙන ඇමතිවරයා හා කැබිනට් එක මෙහෙම දේවල් සදහා වගකිවයුතුය කියලා හිතෙනවා