IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුටින් යුක්රේනය ආක්‍රමණය කරයි ද?

 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව්  මුණගැසී පැය 24 ගත වීමට මත්තෙන්, ඩොලර් මිලියන 200 ක ඇමෙරිකානු යුධ ආධාරවල පළමු කොටස ලෙස, ටොන් 90 කට ආසන්න පතොරම් සහ අවි ආයුධ රැගත් ගුවන් යානයක් යුක්රේනයේ කිව් අගනුවර වෙත ළඟා වී තිබේ.

එස්තෝනියා, ලැට්වියා සහ ලිතුවේනියා රාජ්‍යයන් හි ආරක්ෂක අමාත්‍යවරුන් යුධ ටැංකි සහ ගුවන් යානා නාශක මිසයිල යුක්රේනය වෙත ලබා දීමට සුදානම් බවට නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයත් සමග ඇමෙරිකානු යුද ආධාරවල පළමු ආධාර කොටස මෙසේ කිව් අගනුවර වෙත ළඟා විය.

127,000 ආසන්න රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නයේ ස්ථානගත සිටින අතර යුක්රේනයේ අසල්වැසියකු වන බෙලරුස් රාජ්‍යයේ ද රුසියානු යුද අභ්‍යාස සහ ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතී.

රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බව පැවසුවත් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඇමෙරිකාව ඇතුළු නේටෝ සංවිධානයට ඉදිරිපත් කර ඇත.

කිසිම දිනක යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොදෙන බවට පොරොන්දුවක් සහ නේටෝ සංවිධානයේ මිත්‍ර හමුදා වල අවි ආයුධ රුසියානු දේශසීමා ආසන්නයේ ස්ථානගත නොකරන බවට සහතිකයක් අවශ්‍ය බවත් එම ප්‍රධාන ඉල්ලීම්වලට ඇතුළත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කර සිටින්නේ රුසියාවට හිතවාදී රූකඩ ජනාධිපතිවරයකු යුක්රේනයට පත් කර ගැනීමට රුසියාවට අවශ්‍ය වී ඇති බවය.

මේ අතර, රුසියානු හමුදාවේ සහාය ලබන යුක්රේනයේ සිටින යුධ උපක්‍රම සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුව ලැබූ බෙදුම්වාදී ගරිල්ලන් කණ්ඩායමක්, යුක්රේන ධජය යටතේ යුක්රේන රුසියා දේශසීමාවේ ස්ථාන ගත වී සිටින බවත් ඔවුන් රුසියානු හමුදාවට පහර දී ඔවුන් යුද්ධයකට පොළොඹවා ගැනීමට උත්සාහ ගන්නා බවත් ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

මෙය ඉතාමත් පැරණි රුසියානු යුද උපක්‍රමයක් බවත් ප්‍රහාරය එල්ල වූ වහාම රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇමෙරිකානු යුද ප්‍රධානීහු පෙන්වා දෙති.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ ඇමෙරිකා හමුදා යුක්රේනයට යැවීමට කිසිඳු බලාපොරොත්තුවක් නැතත් රුසියාව යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළහොත් විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙසේ ද පැවැසීය.

‘‘පුටින් ජනාධිපතිවරයා හැමෝටම අනුමාන ඉදිරිපත් කරන්න දීලා නිහඩව බලා ඉන්නවා ඒත් කවුරුත් දන්නේ නැහැ පුටින් ජනාධිපතිවරයාගේ සැබෑ අදහස, චේතනාව, සැලැස්ම. මේක ඇමෙරිකාව සාකච්ඡා මේසෙට ගෙන්නලා තමන්ට ඕන දේ ලබාගන්න යෙදු උපක්‍රමයක්ද ? එසේත් නැත්නම් මෙය සැබෑවටම ආක්‍රමණයකට සුදානම් වීමක්ද ? අප කවුරුත් දන්නේ නෑ’’

විමුක්ති එස්. රුද්‍රිගු
(බී.බී.සී)



අදහස් (9)

පුටින් යුක්රේනය ආක්‍රමණය කරයි ද?

සිරිබිරිස් Monday, 24 January 2022 07:58 AM

කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක සක්සුදක් සේ විශ්වාසයි.

:       0       11

සරකානි Monday, 24 January 2022 09:22 AM

පුටින් කළ යුත්තේ වහාම ලංකාව ආක්‍රමණය කිරීමයි. එවිට අපට මෙරට නිෂ්පාදනය කරන දහජරා මත්පැන් වෙනුවට අඩු මිලට හොඳ වර්ගයේ වොඩ්කා පානය කර සතුටින් ඉන්න පුළුවනි..

:       3       39

Hafeel Monday, 24 January 2022 10:27 AM

එදා විමල් කිව්වේ අපේ රටේත් පුටින් කෙනක් ඉන්නවා කියලා. එහෙම නම් ඉන්දියාව මේ මොහොතේ බයෙන්ද ඉන්නේ...?

:       5       29

Bolero WimalMonday, 24 January 2022 11:09 AM

පුටින්ද ? රස්පුටින්ද ?

:       5       21

Hafeel Monday, 24 January 2022 01:36 PM

ඕල් ඉන් වන්... පුටින්, මගදීර් මොහමඩ්, ලී ක්වාන්, රට රකින විරුවා, වැඩ කරන විරුවා. සේරම....

:       3       12

DonTuesday, 25 January 2022 12:12 PM

අපිට ඉන්නේ කටින් පුටින්

:       0       0

Prabha Monday, 24 January 2022 02:52 PM

වලියට කතා කරන කට්ටිය හිටියට ගැහුවොත් ඔය කවුරුවත් නෑ. කන්න වෙන්නේ තනියම..

:       0       4

siri Monday, 24 January 2022 03:02 PM

අනේ අපොයි. මෙහෙමත් සංතෑසියක්. අපේ අර පින්වත් තානාපති මහත්තයා අපේ රටේ මතුවී ඇති උග්‍ර ඩොලර් හිගය විසඳා ගැනීම සඳහා ඇති එකම උපක්‍රමය හැටියට කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා හුදෙක් රටෙත් ජාතියේත් ආගමේත් මතු ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කරපු යුක්රේන සංචාරක ව්‍යාපාරයත් එහෙනම් කොට උඩ යන හැඩයි. අපට දැන් ඉතින් කොන්ඩේ බැඳපු අය හරි කමක් නෑ චීනන්ගේ පිළිසරනම පමණයි තමා ඉතින්.

:       0       5

de silva Monday, 24 January 2022 05:20 PM

රුසියාවේ පුටින් - ආසියාවේ ටින් ටින්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site