IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පිය-පුතු ඝාතනයේ සැකකරු වසර 32 කට පසු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කිසිදු හෝඩුවාවක් දැන ගැනීමට ඉඩ නොතබා වසර 32 කට  පෙර සිදුකළ  පිය පුතු ඝාතනයක තොරතුරු අනාවරණය කරගත් පොලිසිය  ඊට සෘජුවම සම්බන්ධ  විශ්රා්මික හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර  පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ කරුණාරත්න ගේ රාජා (47) පියා හා ඔහුගේ පුතු වන කරුණාරත්නගේ රංජිත් කුමාර( 21) තරුණයාය.

පොලිස්පතිවරයාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක්  බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 1  බාර ස්ථානාධිපති ප්රදධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එල් එස් මුණසිංහ මහතා විසින්  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය

ඝාතනයට ලක්වූ කරුනාරත්නගේ රාජා නමැත්තා  බිරිඳ හා දරු දෙදෙනා සමඟ මහරගම ප්රුදේශයේ ජීවත්ව ඇති අතර  එම කාන්තාව දරු දෙදෙනා අත්හැර වෙනත් පුරුෂයෙක් සමඟ යාම හේතුවෙන් දරු දෙදෙනාව නුගේගොඩ ප්ර දේශයේ මිතුරෙකුට භාරදී  ඔහු කුවේට් රටේ රැකියාවක් කරා පිටත්ව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 වාද්දුව ප්‍ර දේශයෙන් එරටට පැමිණ වැන්දඹු  කාන්තාවක් සමඟ හිතවත් වී තිබූ ඔහු   පසුව එම කාන්තාව සමඟ  අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

 1982 වසරේදී  දිවයිනට පැමිණෙන ඔහු  මොරටුව මෙන්ඩිස් පාර  ප්‍ර දේශයේ පර්චස් 12 ක නිවසක් සහිත ඉඩමක් මිලදී ගෙන   වසර තුනකට පසු එම ඉඩම  විදේශගතව සිටියදී අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවට සහ  කරුණාරත්නගේ රන්ජිත් කුමාර නමැති ලොකු පුතුගේ  නමට ලිවීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි

  කරුණාරත්නගේ රාජා නැමැත්තා කුවේට්  රටේ දී   අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවට දාව ගැහැනු දරුවන් දෙදෙනකු ද සිට ඇති අතර  ඔවුන් දෙදෙනා සහ කරුණාරත්නගේ රාජාගෙ දරු දෙදෙනා සමග එම කාන්තාව මොරටුවෙ නිවසේ ජීවත්ව තිබූ බව පොලිසිය කියයි

කාලයක්  ගත වෙද්දී කාන්තාව විසින් කරුනරත්නගේ රාජා ගේ  දරු දෙදෙනාට වෙනස්කම් කිරීමට  පටන් ගැනීමත් සමඟ ම  ඝාතනයට ලක්වූ කරුනාරත්නගේ රංජිත් කුමාර නැමැති තරුණයා  නිවසින් පිටවී   වාද්දුව පිහිටි බාප්පාගේ නිවසට ගොස්  කුලී වැඩවල නිරත වීමට කටයුතු කර තිබූ අතර ඔහුගේ සහෝදරයා  හමුදාවට බැඳී එම නිවසින් පිට වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

  1991 වසරේදී  විදේශගතව සිටින කරුණාරත්නගේ රාජා නමැත්තා මෙරටට පැමිණ මොරටුව නිවස කරා පැමිණීමේ දී   ඔහු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව යුද හමුදාවේ සේවය කරන පුද්ගලයකු සමඟ  විවාහ වී ඇති බවට   දැනගැනීමට ලැබීමත් එම පුද්ගලයාගේ  ඡායාරූපය නිවසේ බිත්තියේ එල්ලා තිබීමත් දැක නිවසින් පිටවී  වාද්දුවේ රැඳීසිටින වැඩිමහල් පුතු සොයා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි  

       දින කිහිපයකට පසු කරුණාරත්න ගේ රාජා නමැත්තා මොරටුව නිවසට පැමිණ පුටුවක වාඩිවී සිටිද්දී  කාන්තාව මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමත්   යුද හමුදා සෙබලා එල්ල කරන ලද පොලු පහරකින්  කරුණාරත්න ගේ රාජා නමැත්තාව ඝාතනය කර තිබූ බව පොලීසියට කියයි 

අනතුරුව දෙදෙනා එක් ව මළ සිරුර නානකාමරේ වෙත රැගෙන ගොස්  තියුණු ආයුධයකින් කොටස්කර  පානදුර ගල් කණුව ප්රනදේශයේ  කැලෑ ප්‍ර දේශයක ට රැගෙන ගොස් පුළුස්සා දමා  ඇතැයි පොලිසිය කියයි 

        දින කිහිපයකට පසු  කරුණාරත්නගේ රංජිත් කුමාර නමැත්තා   මොරටුව නිවසේ සිටින කාන්තාවගේ ඥාති පුතෙකු හරි සමග  වාද්දුවේ සිට මොරටුව නිවසට පැමිණීමෙන් අනතුරුව  එම කාන්තාවගේ  ස්වාමි පුරුෂයා වන විශ්රානමික හමුදා සෙබලා මස්සිනා සමග  උපක්රුමශීලීව ඔහුව පිළියන්දලට රැගෙන ගොස්  තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

පිළියන්දල නගරයේ දී හමුදා සෙබළාගේ හිතවතෙකු හමුවී ඇති අතර සිව් දෙනාම එක්ව පිලියන්දල දම්පෙ ප්රහදේශයේ බොල්ගොඩ ගඟ අසල මත්පැන් සාදයක් පවත්වා   තිබු බව පොලිසිය කියයි

             අනතුරුව නැවත පැමිණීමේදී පාලු ස්ථානයෙහිදී කරුණාරත්නගේ රංජිත් කුමාර නමැත්තාට  විශ්රා මික හමුදා සෙබලා විසින් පිහි ප්රදහාරයක් එල්ල එල්ල කර ඝාතනය කර ඔහුගේ මුදල් පසුම්බිය  ඔහු අතට පත් කරගෙන තිබූ අතර  එම අවස්ථාවේදී  හමුදා සෙබළා ගේ මිතුරා මොකක්ද මේ කරන්නේ යයි ඔහුගෙන් විමසා ද ඇතැයි පොලිසිය කියයි

           අනතුරුව   නිවසට පැමිණ තිබූ හමුදා සෙබලා සිය බිරිඳට  මුදල් පසුම්බියේ තිබූ කරුණාරත්නගේ රංජිත් කුමාර නමැත්තා ගේ හැදුනුම්පත   ලබා දී   මිය ගිය කරුණාරත්න ගේ රංජිත් කුමාර නමින්  වාද්දුව ඥාති පුතාට  පෙනී සිටින ලෙස පවසා   මොරටුව ප්රණදේශයේ නීතිඥවරයකු වෙත ගොස් ඉඩමේ සම්පූර්ණ හිමිකම  බිරිඳට පැවරෙන අයුරින්  ඝාතනයට ලක් කළ ලක් කළ කරුණාරත්නගේ රංජිත් කුමාර යන නමින් අත්සන් ලබාගෙන තිබූ බව  පොලිසිය සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වී ඇත

           තම සැමියාගේ පියා සහ සහෝදරයගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන්    පියා විසින් අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාව සැක බව කරුණාරත්නගේ රාජා නමැත්තා ගේ දෙවැනි පුතුගේ බිරිඳ  පොලිස්පතිතුමාට  ඉකුත් පෙබරවාරි මස කරන ලද පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර  ස්ථානාධිපති ප්රවධාන පොලිස් පරීක්ෂක  මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පුරා මාස 7කට ආසන්න කාලයක් සිදුකළ විමර්ශන වල ප්ර්තිඵලයක් ලෙස  ඝාතනයේ ප්රාධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

මෙම දිවිත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ

 පොලිස්පති සි ඩි වික්රරමරත්න මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්යෙපෂ්ඨ නියෝජ්යර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,බස්නාහිර  පළාත අපරාධ දිසාව භාර නියෝජ්ය  පොලිස්පති රොහාන් ප්රේබමරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්  බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යේක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ජයන්ත  පෙරේරා  මහත්වරුන් ගේ මග පෙන්වීම මත ඒකක 1 බාර ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක එම් ඒ එල් එච්. මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කළහ



අදහස් (4)

පිය-පුතු ඝාතනයේ සැකකරු වසර 32 කට පසු අල්ලයි

ලුම්බිණි Friday, 30 September 2022 05:14 AM

චිත්‍රපට කතාවක් වගෙයි. කනගාටුදායකයි.

:       0       6

අභි Friday, 30 September 2022 01:01 PM

මු නම් යකෙක් නේ කරලා තියන වැඩ බැලුවාම ලකම් පල දේ මරු හ මුදා සෙබලා

:       0       5

sampath Monday, 03 October 2022 05:39 PM

මේවගේ දෙයක් හොයාගන්න අවුරුදු 32ක් ගියා නම් අනෙක් ඒවා ගැන කවර කතාවක්ද? කවුරු හරි මරණයක් වුණේ නම් ඒකෙ වාසිය ගන්න කෙනා හෙව්වා නම් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් ඒකෙ සම්බන්ධතාවය...!

:       0       0

fairoos Tuesday, 04 October 2022 04:41 PM

කොහොමද අපේ පොලිසියේ වැඩ? අවුරුදු 32ක් ගියා මිනීමරුවාව හොයාගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1426 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site