
(සුජිත් හේවාජුලිගේ )
රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අතරේදී මහජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීම මෙන්ම ආණ්ඩු ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීම කළ යුතු බවත් මහ ජනතාවගේ අපේක්ෂාවද එයම බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රටේ ආර්ථික සහ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩු ක්‍රමයේ ඇතිවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවේදී ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කරවා ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ පැවැත්ම සහ විශ්වාසය සඳහා ඉතා වැදගත් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් හම්බකරන සල්ලි වලින්ද ඡන්ද තියෙන්නේ? රටේ තියෙන්නේ ආර්ථික අර්බුධයක්. 225 කාලකන්නි ඕක අස්සේ ඉන්නවා. චිට් එකෙන් ආපු වැද්දන් ටික අයින් කරලා අලුතින් ආර්ථිකය ගැන, සංවර්ධනය ගැන දන්නා මිනිස්සු ටිකක් අරගෙන රටේ ප්‍රතිපත්ති හදපල්ලා...
රටට කෙළවෙලා මිනිස්සු මරලද තීරණ ගන්නේ? පක්ෂයක් අටවගෙන හොරුන්ට කත් අදිනවා. පියාටත් නින්දාවක්...
අඩු වියදමකින් හෝ මහමැතිවරණය කරන්න සිද්ධ වෙනවා. නැතිනම් රාජ්‍ය තස්ත්‍රවාදීන් සහ අරගල කරුවන් අතර යුද්ධයක් ඇතිවෙලා විශාල ලේ හැලීමක් වෙන්න ඉඩ තියෙනවා...
මෙයා තනිකරම කියන්නේ බයිලා... රට අගාධයට දාලා..
ස්ථාවර පාර්ලිමේන්තුවක් තිබිලා නේද ගොඩගන්න බැරි විදිහට ආර්ථිකය කඩා වැටුණේ..? මැතිවරණ තිබ්බා කියලා ආර්ථිකය නගා හිටුවන්න පුළුවන්ද?... හොරකම, වංචාව නැති කරන.. වගවීමක් තියන.. නාස්තිය නැතිකරන ක්‍රමයක් ගේන්න ඕනෑ. පාර්ලිමේන්තු වයස් සීමාව උපරිම 60 කරන්න ඕනෑ.