
(ඉන්දිකා රාමනායක)
අංගොඩ හංදියේ දී පිරිස් බලා සිටියදී අද (24) දහවල් කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි විවාහක කාන්තාවක් බවද පොලිසිය පවසයි.
සැකකරු (46) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නෙකු බවත් පොලිසිය පවසයි.
මෙම කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී අංගොඩ හංදියේ වෙළෙද සැලක සේවය කරමින් ජීවත් වන බවද පොලිසිය සදහන් කරයි.
සැකකරුට කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී ඇය සේවය කරන වෙළෙඳ සැල ආසන්නට කිහිපය අවස්ථාවකදීම පැමිණ ඇයට ප්‍රේම යෝජනාගෙනවිත් ඇති බවත්, කාන්තාව එම යෝජනා ප්‍රතික්ෂේක කරමින් සැකකරුට බැන වැදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.
සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වු සැකකරු අද දහවල් අංගොඩ හංදියේ දී ඇය සේවය කරන වෙළෙඳ සැලවෙත පැමිණ පිහියෙන් ඇන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කාන්තාවට පිහියෙන් ඇන පලායමින් සිටි සැකකරු සිද්ධිය වු ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
951
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්‍රතික්ෂේප කළ ප්‍රේමයට පිහිතුඩෙන් පිළිතුරු දුන් සෙබළා
ටිකිරා Wednesday, 24 November 2021 11:15 PM
මෙහෙමත් මෝඩ මිනිස්සු. කැමති නැති නිසානේ බැහැ කියන්නේ. අනික වයස.
Bunny Preena Thursday, 25 November 2021 08:57 AM
හොඳ වෙලාවට බුද්ධිමත්ව ඔහුව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. නමුත් සමහර ගැහැණු අපරාදේ මෙවැනි පුද්ගලයින්ට අහුවෙලා ජිවිතේ විඳවනවා
වීරවිජේ Thursday, 25 November 2021 11:01 AM
පලා යමින් සිටියදී කොහොමද එම ස්ථානයේදීම අත්අඩංගුවට ගන්නෙ.
lal Thursday, 25 November 2021 02:44 PM
අංගොඩ හංදියේදීනේ වෙලා තියෙන්නේ. ඇතුලෙ එක්කෙනෙක් අඩුද දන්නේ නැහැ.