
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පස්කන්දක් කපමින් සිටියදි හදිස්සියේම පස්කන්දේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ පෙදරේරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.
ඊයේ (8) රාත්‍රියේදී මෙම පස් කන්ද කඩා වැටි තිබේ. පස් අතර සිරවි සිටි දෙදෙනා ගොඩ ගැනිමට ව්නාඩි තිහක පමණ කාලයක් ගතවු බව කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ නොයෙල් ලසන්ත කුමාර නම් 45 හැවිරිදි ඵක් දරු පියෙකි. බරපතල තුවාල ලැබ රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ මෙම ඉඩමේ හිමිකරු බවද පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd