
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාසල් දරුවන් ලංගම බස්රියකට නැගුණු අවස්ථාවේ අදාළ කොන්දොස්තරවරයා ඔවුනට බැස යන ලෙස පවසා ඇතැයිද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ යැයි ද කීය.
සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන්ට එවැනි කෙණෙහිලි කම් ලංකාවේ බොහෝ පළාත්වල සිදුවෙනවා. මෙවැනි දේවල් කොහොමත් කොහේවත් සිදුනොවිය යුතුයි. වරප්‍රසාද පත්‍ර ලාභී පාසල් සිසු/ සිසුවියන් ඇතුළු සියලුම මගීන් ගෙනයාම අනිවාර්ය කළ යුතුයි.
බොහොම හොඳයි. උපරිම දඬුවම් දිය යුතුයි.
මින් ඉදිරියට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු පියවන්න ජනතා බදු මුදල් යොදවන්න එපා , එම මුදල් ලංගමට දුම්රිය දෙපාර්තමේන්තුවට යොදවන්න , පොදු ප්‍රවහනේ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ලොකු දෙයක් ,