
(කේ බුද්ධික කුමාරසිරි)
හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.
එලෙස රථ වාහන පරීක්ෂා කරන අතරතුර සැක කටයුතු යතුරු පැදියක් එම ස්ථානයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කළත් සැකකරු නොනවත්වා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර පොලිස් නිළධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සදහා පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ද වන බව පොලිසිය කියයි
උදෑසන 6.04
(කේ බුද්ධික කුමාරසිරි)
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශනය සදහා සැකකරු සමග පාදුක්ක අංගමුව ප්‍රදේශයට අද (08) අළුයම ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේපොලිසිය එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරකින් බරපතල තුවාල ලැබූ සැකකරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබළකු බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
අපේ කිසීම විරුද්දත්වයක් අවලාදයක් පව් කියා කීමක් නැත.
මේ වැනි අපරාධයක දි, අපරාධකරුවා පැහැදිලිවම හඳුනාගත් පසුව ක්ෂණිකවම දඩුවම් දීම ප්‍රායෝගිකයි
මෙසේ සිදුවිය යුතුමයි. නැත්නම් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නට බෑ. හිර ගෙවල් පුරවලා වැඩක් නෑ. ඇතුළට යන කෙනා එළියට එන්නේ හිටියටත් වඩා නරක් වෙලා.
බමුණු, ඇයි සනීපද?
වරදට දඬුවම නීතිය අනුව දිය යුතුයි, නොනවත්වා ධාවනය කිරීමට දඬුවම මරණයද?
මෝටර් පදවන ගමන් කොහොමද වෙඩි තියන්නේ...?
වෙල්ඩන්... !
සෙනෙවිරත්න, මන්ජුල, බිංග යන තිදෙනාම එක් අයෙක්ලෙසයි මට නම් හැඟෙන්නේ. ඒ කෙසේවෙතත් සෙනවිරත්න නම් ජා.ජ.බ ප්‍රබල සාමාජිකයෙක්...!
ජෙප්පෝ මේවාට විරුද්ධයි. මොකද ඔවුන් ඉන්නේ මිනීමරුවාගේ පැත්තේ. මරණ දඬුවම නැති රටේ මෙයයි විය යුත්ත...
මෙතන අදහස් දාලා තියන කෙනෙකුටත් දවසක අර නාරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා මේ වගේ දෙයක් කිව්වොත් කොහොමද? එදා ඒක වැරදුනා කොල්ලෝ වීඩියෝ කරපු නිසා.
දවසක කොහොමද බමුණාටත් පුද්ගලික තරහකට හරි වැරදීමකින් හරි අර නරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා, කුඩු අරගෙන ගියා, ආයුධ අරගෙන ගියා, මිනීමරලා ගියා, පාතාල කාරයෙක් කියලා කතාවකුත් ගෙතුවොත් ආසා හිතෙයි...
සෙනවිරත්න වෙඩි කෑවේ බාප්පාද? උන් වෙඩිකන කොට ඔහෙට උණ ගත්තාට අපිට නම් සනීපයි.