IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෝලන්ත සංචාරකයන් පිළිගැනීමේ නිලධාරිනිය නාවලා

( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )

වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක   පිහිනුම් තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි.

එම හෝටලයේ  පිළිගැනීමේ නිලධාරිනිය පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති බව සදහන් වේ.

ඔවුන් මත්පැන් පානය කරමින් අවේලාවේ දියනෑම නිසා එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.

එහිදී උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇය නිල ඇඳුමෙන්ම පිහිනුම් තටාකයට දමා ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය කීය.

 

 



අදහස් (5)

පෝලන්ත සංචාරකයන් පිළිගැනීමේ නිලධාරිනිය නාවලා

බකල ජයා Thursday, 30 January 2025 10:43 AM

රුසියාවේ, යුක්රේනයේ, නැගෙනහිර යුරෝපයේ ඉඳල එන සංචාරකයින්ගේ විනීත හැසිරීම දවසින් දවසම වැඩිවෙනවා වගේ. එලිමහන් සංගීතෙත් පාන්දර පහ වෙනකම් දාල දෙන්න ඕන මේ අයට.

:       3       22

අරුණි Thursday, 30 January 2025 11:40 AM

අනාගතයක් තියා හාල් පොල්වත් නැතිව ඉන්න අපිට මේ වගේ ප්‍රවෘත්තියකින් යන්තම් මූනට සිනා පොදක් ආවා.

:       34       7

යෝගා Thursday, 30 January 2025 11:48 AM

ඔය සිද්ධිය වෙලා සංචාරකයෝ ටික රටින් පිටවෙනකනුත් හෝටල් පරිපාලනය කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මොවුන්ට තමුන්ගේ සේවකයා මැරුණත් ඊට වඩා සල්ලි ලොකුයි. කාලකන්නි!

:       1       63

ලසා Thursday, 30 January 2025 03:36 PM

බල්ලගේ වැඩේ බූරුවා කලා වහේ.පිලිගැනීමේ නිලධාරීනී සෙකුරිටි ගේ කාර්‍ය් නේ කරලා තියෙන්නේ .අනික ඕකේ ටිකක් නැවා කියන්නේ දිය වෙනවායැ.නාන්නෙම නැති පිලිගැනීමේ නිලධාරීනී කෙනෙක්ද මන්දා

:       1       2

Bruno Thursday, 30 January 2025 05:27 PM

සුද්දට දැන් වදින්න ඔනා කාලේ උන් ආවේ නැත්නම් කන්නත් නැතිවෙනවා දැන් ලංකාව ඉදිරියට යන්නෙ ටුවරිස්ලාගෙනුයි රට විරුවන්ගෙනුයි...

:       20       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site