
(ජේ. ඒ. එල්. ජයසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංඟමය සංවිධානය කළ සිසු උද්ඝෝෂණයක් අද (10) සවස පැවැත්විණි. මේ හේතුවෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල විය..
ගිනි පන්දම් දල්වාගෙන කළු වර්ණ ටී ෂර්ට් පැළඳ ,විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධාව පැවැත්විණි.
සිසු නිදහස අහිමි කරන 02/ 2026 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ( ugc) චක්‍රලේඛය හකුලා ගන්නා ලෙසත් ,විශ්ව විද්‍යාල සිසුන්ගේ නිදහස සීමා නොකරන ලෙසත් රජයේ බලධාරින්ගෙන් ඉලිලීම් කරමින් පැවති මෙම රාත්‍රී උද්ඝෝෂණය හේතුවෙන් පේරාදෙණිය මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි ,නොමිලේ උගන්වන හින්දා පාරේ බැහැලා පිස්සු නටනවා. මොවුන්ට මහපොලත් දෙන්නේ නැතිව, මාසෙකට ගාණක් ගන්න ඕනේ. වෙන රටවල අය හූල්ලනවා. මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ කරනවා කියපුවාම..., ඒ මිනිස්සු කෝටි ගණන් ණයවෙලා ඉගෙන ගන්නේ මෙයාට නිකන් දෙන දේ වටින්නේ නැහැ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වැඩි කාලයක් ගත කරන්නේම ඉතින් පාරවල් අයිනේ පුවරු උස්සගෙන උද්ඝෝෂණ කර කරනේ. ඉතින් ඒක එච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි. පුදුම වෙන්න ඕනේ උද්ඝෝෂණ විරෝධතා නොකර බොහොම ශාන්ත දාන්තව පූස් පැටව් වගේ ඉගෙනීමේ කටයුතුවල විතරක් නිරත වෙලා ඉන්නවා කියපුවාම තමයි.