ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී.
ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංශ මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි.
ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41 විපක්ෂව ඡන්ද 21 ක් ද , විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් විපක්ෂව ඡන්ද 21 ක් ද ලැබිණි.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අද (20) සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.
ප්‍රසන්න රණවීර මහතා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
COMMENTS
විමලේ අයෙමත් පැනලද?
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශනේ නේද?
විමල් වීරවංශගේ පක්ෂයවත් දන්නේ නැතිද?
අනවශ්‍ය ආනයන නැවැත්විය යුතුයි.... එළවලු, බිත්තර, මස්, බුලත්, ආදිය. සියලු බලු රහිත ආනයන වසර 5ක් වත් නැවැත්විය යුතුයි. දේශපාලකයන්ගේ හා එ හා සම්බන්ද අයගේ විදෙස් ගමන් නැවැත්විය යුතුයි.....විදෙස් වෙළදාම වැඩිකළ යුතුයි...
බැරිද හැමදාම පාර්ලිමේන්තු එන්න බැරි ව්දියට සම්මත කරගන්න...... මොකද රටට වැඩක් නොකෙරෙන විදියට පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන නිසා......
ප්‍රසන්න කෙසේවෙතත් අනිත් මිනිහා නම් සදහටම පාර්ලිමේන්තුවෙන් එළවාදැමිය යුතුයි.
එයාලා උන්නත් වැඩක් නැහැ. මහ ජනතාවට මට නම් හිතන්නේ අනික් අයත් නැතිව ඕක වහලම දැම්මා නම් කටත් හොඳයි පිනට කකා බිබී ඉන්න ...
හ්ම්... පාර්ලිමේන්තුවේ විනය කඩ කරලා ඔහොම දඬුවමක් දුන්නා නම්, ව්‍යවස්ථාව කඩ කරපු විජයකලා මැතිණියට කොහොම දඬුවමක් දෙයිද? කතානායකතුමා හරි සැරයි වගේ..
එතකොට අර විජයකලාට එහෙම මොකුත් ප්‍රශ්නයක් එහෙම නැද්ද?
පඩි සහිත නිවාඩු ...
ඇති යන්තම් ! රටේ උත්තරීතරම්ම ආයතනයේ හැසිරෙන විදිය නොදන්නා අයට මෙය පාඩමක් වේවා.... පාර්ලිමේන්තුව නැති උනාට මේ අයට තුන්මුල්ලේ ඉඳන් ඔවුන්ගේ අදහස් පලකිරීමේ නිදහස තවම නැතිවෙලා නැහැ නේ ! ! !
දියවන්නාවේ කෑමත් ටික කාලයකට නැහැ.....
අවුරුද්දකටවත් තහනම් කෙරුවා නම් තමයි වැඩිය හොඳ! මේ අය කට ඇරියොත් පිටවෙන්නේ ඔක්කොම විකාර. එහෙම නැත නම් අපහාස!
මේ දෙන්නට මීට වඩා ලොකු දඬුවමක් දෙන්න තිබුනේ. ප්‍රමාද වී හෝ මෙවන් දෙයක් කිරීමට පාර්ලිමේන්තුවට හැකි වීම ගැන සතුටු වෙමු.
කට විතරයි. මොලේ කඳුලක් නැහැ.
දැන් ඉතින් ටික දවසකට වාචාල කතා අහන්නේ නැතිව කනක් ඇහිලා ඉන්ට පුළුවන්...
රටට මොනතරම් පාඩුවක්ද? දුරදක්නා නුවණ නැතිකොට...
අද අනිවාර්යෙන් වහිනවා...
මේක හොද ආරම්භයක්! පමාවෙලා හරි මේ තීරණය ගත්ත එක. මේ දඬුවම නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. පාර්ලිමේන්තු තහනම බලපැවැත්වෙන කාලය අතරතුර වැටුප් කප්පාදු කළ යුතුයි. ඒ අදාල කාලයේ දින ගණනට අනුව... මොවුන් මේ විකාර කරන්නේ අසරණ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබමින්...
හිවල් විරවංශගේ පාර්ලිමේන්තු ධුර කාලය සදහටම අහෝසි කරන්න ක්‍රමයක් නැද්ද අම්මපා ...
ඉස්සෙල්ලම බලන්න මේ දෙන්නම අට පාස්ද කියලා... කැලේ නීතිය උත්තරීතර සභාවකට නුසුදුසු බව තේරුම් ගන්න මොලයක් තියෙන්න එපායැ. නුසුදුස්සා නුසුදුසු තැනට ගියාම වෙනදේ...
අැත්තෙන්ම මේ ආයතනයේ ඉන්න බහුතරයක් කිසිම වැඩකට ඇති දෙයක් ගැන කතාකරන්නේ නැහැ . කියවන්නෙම විකාර... ගොඩක් අය තමින්ට වැටිලා තියන නඩු වලින් බේරෙන්න රටම අවුල් කරන්න දඟලනවා. මේවට වගකියන්න ඕනෑ අපි... අපිම තමයි මේ කාලකන්නි පාර්ලිමේන්තුවට යැව්වේ... ලංකාවේ කොච්චර හොඳ ව්‍යවසායකයින් ඉන්නවද? ඒ මිනිස්සු පැත්තක.. කාලකන්නි ටික රට හදන තැන...
මේ දෙන්නගේ හැසිරීම් රස්තියාදුකාරයන් වගේ... කොහොමත් එහෙම අය තමයි. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අය වගකිව යුතුයි. නූගත්කම, කටහැකරකම වගේ දේවලට ආකර්ෂණය වෙලා ඡන්දෙ දෙන්නෙත් නූගත් මිනිසුන්ම නේද? රටට ආදර්ශයක් දිය යුතු තැන මේ අය විනාශ කරනවා.
ඒකාබද්ධ විපක්ෂෙ හැත්තෑවෙන් (70) විමල්ට විපක්ෂව 21 යි, ප්‍රසන්න රණවීරටත් 21 යි.... ඒ කියන්නේ විපක්ෂෙ අයවත් මේ අයට පක්ෂ නැහැ. දැන්වත් තේරුනාද මේ අය ඉන්නේ කොට අදින්න විතරයි.. පෙරහැරේ යන්නෙ වෙන අය...
මම මේ තීරණයට විරුද්ධව මොකුත් දාන්නේ නැහැ.... ඒත් යටපත් කරන්න බැරි සත්‍ය නම් විමල්ගේ ඡන්ද ප්‍රමාණය රනිල්ගේ ඡන්ද ප්‍රමාණයට වඩා ඉතාමත්ම සුළු ප්‍රමාණයකිනුයි පසුගිය ඡන්දවලදී අඩු වුනේ...
චන්දන මාරු කියවනවද? විමල්ට කියන්න පුළුවන් නම් ඡන්ද 1000 අරන් පෙන්නන්න කියලා එයාගේ පක්ෂෙන් මෙයා මහින්දගේ කරේ එල්ලිලා ඉන්න නිසා මෙයාට ශ්‍රීලංකා ඡන්ද වැටුණා තමයි. මෙයා ඡන්ද පදනමක් නැති නූගත් කෙනෙක්...
උගත් නොවේ, නූගත් ජනතාව...
මහේෂිකා, ඔයාගේ පදිංචිය නම් තුන්මුල්ලේ කියල පේනවා... කතා විලාසයෙන්...