
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රංශයට යවන බව පවසා පුද්ගලයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරු කර මුදල් කොල්ලකෑ සැකකරුවන් 4 දෙනකු සමග මෝටර් රථයක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
සැකකරුවන් මීට පෙරද මනිපායි ප්‍රදේශයේ පුද්ගලයකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 29 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරුකර මුදල් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චාවකච්චේරි, මිරිසුවිල්, සුළිපුරම් සහ යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන පුද්ගලයන් සිවු දෙනෙකි.
පැමිණිලිකරු ප්‍රංශයට බලා පිටත්වීම සදහා විදෙස් රටක සිටින ඔහුගේ මාමාගේ උපදෙස් මත විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියවිලි සියල්ල අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුට වට්ස් ඇප් මාර්ගයෙන් යවා තිබූ අතර පසුව එම සැකකරු දින කීපයකින් පසුව රුපියල් ලක්ෂ 80 ක් බැංකු ගිණුමේ තැන්පත් කර පෙන්වන ලෙස දන්වා බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව පැමිණිලිකරු ඔහුගේ ගිණුමට රුපියල් ලක්ෂ 80 ක මුදලක් තැන්පත් කර සැකකරුට දුරකතන ඇමතුමක් ලබාදී මුදල් තැන්පත් කර ඇති බව පවසා ඇති අතර එහිදී සැකකරු වීඩියෝ දුරකතන ඇමතුමක් ලබාගෙන පැමිණිලිකරුගේ බැංකු ගිණුම දුරකතන ඇප් එකක් මාර්ගයෙන් නරඹා මුදල් බැරකරගෙන ඇති බව තහවුර කරගෙන තිබූ බව පොලිසිය පවසයි.
පසුව තවත් ලියවිලි කීපයක් සකස්කර ගැනීම සදහා කොළඹට යා යුතු බව පවසා සැකකරු තවත් කීප දෙනකු සමග එම පුද්ගලයා මෝටර් රථයේ නංවාගෙන යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් බියගන්වා බැංකු ගිණුමේ තිබූ ලක්ෂ 80 ක මුදල් කීප අවස්ථාවකදීම වෙනත් ගිණුමකට බැර කරගෙන මහ මග දමා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් කාන්තාවකට අයත් ගිණුමකට මුදල් බැරකර ගෙන ඇති බව අනාවරණය කර ගෙන තිබුණි.
ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් ෆෙස්බුක් මාර්ගයෙන් එම කාන්තාවට විදෙස් ගතවීමට අවස්ථාව සලසා දෙන බව පවසා පෞද්ගලික තොරතුරු සියල්ල ලබාගෙන ඇයගේ නමට ඇති බැංකු ගිණුමකට රුපියල් කෝටියකට වැඩි මුදල් බැරකර ගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
පසුව යාපනය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දින තුනක් පමණ මුලතිව් කැලේ සැගවී සිට සැකකරුවෝ 4 දෙනෙක් සමග මෝටර් රථයක් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ
මැක්ස් Tuesday, 11 February 2025 11:59 AM
ඕව මොනවාද අප්පා එක මනුස්සයෙක් එයාගේ හෙන්චයියෝ පිරිසත් එකතු කරගෙන බොරු කප්පරක් කියල රටකටම ගේමක් දුන්නේ! දැන් රටම අඳුරට!