(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය.
මෙම නාගයා මුලින්ම දැක ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ( මූල්‍ය) රෝහිත පද්මසිරි මහතාය
ඔහු එදින සවස් කාලයේ රාජකාරි කටයුත්තක නියැලී සිටියදී මෙම නාගයා දැක ගන්නට ලැබීමෙන් පසු පාර්ලිමේන්තුව ආරක්ෂක අංශ නිලධාරීන්ට නොපමාව දැනුම් දී ඇත.
ඒ අනුව පැමිණි ආරක්ෂක නිලධාරීන් නාගයා අල්ලා කැලෑ බද ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. දියවන්නාව ජලාශය ආශ්‍රිත කැලෑවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට නාගයන් සහ පොළොඟුන් ඇතුළු විවිධ වර්ගයේ සර්පයන් පැමිණීම කාලයක් තිස්සේම සිදුවන්නකි. මීට පෙරද ආරක්ෂක අංශ නිලධාරීහු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි සර්පයන් ගණනාවක් අල්ලා ගෙන කැලෑ බැද ප්‍රදේශවලට ගෙන ගොස් දැමූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර්ලිමේන්තුවට නයෙක් ඇවිත්
Shan Wednesday, 17 September 2025 10:08 AM
නාමල් සුවඳට නයා එන්න ඇති
Nandana Wednesday, 17 September 2025 10:09 AM
ඔයා නයා සරම අස්සෙන් වැටෙනවා , අනුර දන්නෙම නැද්ද?
Perera Wednesday, 17 September 2025 12:03 PM
හොදට බලන්න මුගටියෙකුත් ඉන්නවද කියලා... මේක නයි මුගටි එකතු වෙන කාලයක්...
නයි නටවන්නා Wednesday, 17 September 2025 12:23 PM
පාර්ලිමේන්තුව කියන්නේම මුචලින්ද ඝනයේ නයි ඉන්න තැනක් නේද?
මිලානෝ වැසියා Wednesday, 17 September 2025 12:52 PM
තමන්ගේ සනුහරේ නෑදෑයෝ 159 ක් ඉන්න නිසා බලලා යන්න එන්න ඇති.
ගමේ එකාලා Wednesday, 17 September 2025 01:08 PM
ගෝඨා බලයට ගේන කාලේ, ,කැළනි ගග දෙබෑ කරගෙන නයෙක් ආවා කියලා ලොකු කලබගෑනියක් තිබුණා. නයි නාළිකාවේත් ලොකු ප්‍රචාරයක් ගියා. සමහරවිට පරණ මතකෙට ආවා වෙන්ඩත් බැරි නැහැ...
Tenna Wednesday, 17 September 2025 01:46 PM
මෙයාව කැලණි පන්සලට ගෙනත් දාපු කෙනා ඉන්නවාද කියලා බලන්න එන්න ඇති...
රවී Wednesday, 17 September 2025 05:33 PM
ඌටත් හුඹහින් යන්න වෙලා