IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිරිමින්ට සීමා වූ දුම්රිය තනතුරු කීපයකට කතුන්ට අවස්ථාව

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු වලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි.

එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරීන් බඳවාගනු ලැබ ඇත.

රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරීන් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.



අදහස් (4)

පිරිමින්ට සීමා වූ දුම්රිය තනතුරු කීපයකට කතුන්ට අවස්ථාව

අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 02:02 PM

එතකොට කාන්තා රියැදුරන්ගේ නම් කෝච්චිය වලටත් ලැබෙයි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ සමුද්‍රදේවි වෙනුවට !

:       3       1

amila Tuesday, 04 November 2025 03:56 PM

ඉතා සුදුසුයි... ජයවේවා...

:       0       11

hashithan Wednesday, 05 November 2025 08:49 AM

හොද තීරණයක්... ඒ අයට හැමදේම මැනේජ් කරන්න පුළුවන්.

:       0       0

chinthana Wednesday, 05 November 2025 02:00 PM

ඔයා වගේම මැතිවරණවලදී ඡන්දය දීමට, විසිට් වීසා වලින් රට යාමට කාන්තාවන්ට ඉඩදිය යුතුයි. ස්ත්‍රී පුරුෂ ලෙස වෙනස් කොට සැලකීම ව්‍යවස්ථාවට පටහැනියි. හරිනි අගමැතිණියට ඕක කරන්න බැරි නම් වෙන කාටවත් බෑ. ලොකුවට කියන ලෝකයේ පළමු අගමැතිණිය සහ ජනාධිපතිණියටත් ඒක කරන්න බැරි වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site