
(ගයාන් සූරිය ආරච්චි)
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට පනස් 52 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියකි.
ත්‍රයිරොඉඩ් ග්‍රන්ථ ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබේ.
2010 වර්ෂයේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමග සම්බන්ධ වන මහ කුමාර මහතා කාර්‍ය ශූර දක්ෂ නිලධාරියකු ලෙස හැඳින් විය හැකිය.
මාධ්‍යවේදියෙකු විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඉල්ලා සිටින තොරතුරු ඉතා විගසින් මාධ්‍ය වෙත ලබාදීම සඳහා මහ කුමාර මහතා යුහුුසුළුව කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ සේවයට අපගේ ගෞරවය. ඔබට නිවන්සුව පතමි...
ඔබතුමාට නිවන්සුව පතමු...
මගේ ජීවන ගමනේ මට හමුවූ සොඳුරු ලබැඳි මිතුරෙකි ඔබ. කිසි විටකත් පොලිස් යන ඇඳුම හෝ තනතුර ආභරණයක් නොකරගත් ඔබ බොහෝම විනෝදයෙන් අපිත් එක්ක දුක සැප බෙදාගත් ඔබ නොසිතූ ලෙසින් අද අප අතරින් සමුගෙන ගිහින් ඔබ කුමක් කියන්නද නිර්මල අපේ එකට සිටි කාලයේ කරපු කියපු දේවල් ගැන ආරංචිය ආවාම එක පාරටම හිත ලොක් වුණා මචං පතනවා ඔබට නිවන්සුව... මචං ඉපදුනොත් නැවත මේ සංසාරේ ආයෙත් මේ වගේ හමුවෙන්න...