
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්‍රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත.
එහි කැණිම් කටයුතු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කරනු ලැබිය.
ගල්තලාවක්මත සහ ඒ අවට ප්‍රදේශයේ මෙම සුසානය පැතිර ඇති අතර එහි ථුපයක හැඩයක් ගෙන තිබු පලවෙනි සුසානය කැණිම අද ආරම්භ විය.
මෙම අවස්ථාවට සහාභගි වු පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා මාධ්‍යට මෙසේ අදහස් දැක්විය.
අම්පාර සමන්ගල සොහොන් භුමිය කියන ප්‍රදේශයේ ශ්‍රිලංකා පුරා විද්‍යා දෙපාර්මේන්තුව සුවිශේෂ කැණිමක් ආරම්භ කළා. ඒ කියන්නේ ශ් රිලංකාවේ පුර්ණ ඉතිහාසයට අයිති සොහොණක් අනාවරණය කරගෙන එය නිරාවරණය කිරිමේ කටයුතුවල අපි නියැලෙනවා.
මෙම සොහොන් සංකිර්ණය තියෙන්නේ ගලක්උඩ. මේක සුවිශේෂ සොහොන් සංකීර්ණයක් විශේෂයෙන් මේවා ශිලා මණ්ඩල නැත්නම් ගල්ගොඩක් එකතු කරලා තමයි සකස් කරලා තියෙන්නේ.
මේ සොහොන ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙගලිතික කියන සුසාන වර්ගයට සොහෙනක්. දැනට මේක කාර්තු හතරකට බෙදලා ඒ කාර්තු අනුව කැණිම් කරගෙන යනවා. මේ වෙන විට යම් යම් දත්තයන් මේ සොහන අභ්‍යන්තරයෙන් හදුනාගෙන තියෙනවා.








2025 දෙසැම්බර් මස 18
232
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ
Nandalal de Silva - France Tuesday, 03 June 2025 03:04 PM
දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන කැණීම් කටයුතු අවසන් වුණාට පසුව, අනිත් සෙට් එක වැඩ පටන් ගන්නවා ඇත ! ඔය ස්ථානයේ නිදන් වස්තු වලදා ඇතැයි සිතන නිදන් හොරුන්ගේ බැකො යන්ත්‍ර ලගදීම ඔය පළාත ආක්‍රමණය නොකලොත් එය පුදුමයකි! !
Thushara Tuesday, 03 June 2025 07:05 PM
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ තවත් එක් සුසාන භූමියක් වන අතර එය වසර තුන්දහසක් පමණ පැරණි ය.