
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්‍රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත.
එහි කැණිම් කටයුතු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කරනු ලැබිය.
ගල්තලාවක්මත සහ ඒ අවට ප්‍රදේශයේ මෙම සුසානය පැතිර ඇති අතර එහි ථුපයක හැඩයක් ගෙන තිබු පලවෙනි සුසානය කැණිම අද ආරම්භ විය.
මෙම අවස්ථාවට සහාභගි වු පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා මාධ්‍යට මෙසේ අදහස් දැක්විය.
අම්පාර සමන්ගල සොහොන් භුමිය කියන ප්‍රදේශයේ ශ්‍රිලංකා පුරා විද්‍යා දෙපාර්මේන්තුව සුවිශේෂ කැණිමක් ආරම්භ කළා. ඒ කියන්නේ ශ් රිලංකාවේ පුර්ණ ඉතිහාසයට අයිති සොහොණක් අනාවරණය කරගෙන එය නිරාවරණය කිරිමේ කටයුතුවල අපි නියැලෙනවා.
මෙම සොහොන් සංකිර්ණය තියෙන්නේ ගලක්උඩ. මේක සුවිශේෂ සොහොන් සංකීර්ණයක් විශේෂයෙන් මේවා ශිලා මණ්ඩල නැත්නම් ගල්ගොඩක් එකතු කරලා තමයි සකස් කරලා තියෙන්නේ.
මේ සොහොන ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙගලිතික කියන සුසාන වර්ගයට සොහෙනක්. දැනට මේක කාර්තු හතරකට බෙදලා ඒ කාර්තු අනුව කැණිම් කරගෙන යනවා. මේ වෙන විට යම් යම් දත්තයන් මේ සොහන අභ්‍යන්තරයෙන් හදුනාගෙන තියෙනවා.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන කැණීම් කටයුතු අවසන් වුණාට පසුව, අනිත් සෙට් එක වැඩ පටන් ගන්නවා ඇත ! ඔය ස්ථානයේ නිදන් වස්තු වලදා ඇතැයි සිතන නිදන් හොරුන්ගේ බැකො යන්ත්‍ර ලගදීම ඔය පළාත ආක්‍රමණය නොකලොත් එය පුදුමයකි! !
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ තවත් එක් සුසාන භූමියක් වන අතර එය වසර තුන්දහසක් පමණ පැරණි ය.