
(ඉන්දිකා රාමනයක)
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.
තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය සමග කතා කරමින් සිටින අතරතුර ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන නං විධිමත් පරීක්ෂණයක තියන්න වෙයි. ළමයාගේ බොරුවක් කියල තමා මට නං හිතෙන්නෙ.
පොලිසියේ වැරැද්දනේ! ඩබ්ලිව්පිසි කෙනෙක් යවන්න ඕන තැනට පිසි කෙනෙක් යවලා හරියනවද?
මෝඩ පොලිස්කාරයෙක් ඔය වැඩේට යන්න තිබුණේ පොලිස් කාන්තාවක් එක්ක
කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් කල යුතු පිලිවෙලට පොලිස් නිලධාරියෙක් කටයුතු කිරීමට යාමෙන් ඇති වූ අනවශ්‍ය ගැටලුවක්..
පළමු වැනි ප්‍රස්නය ඇයි කාමරේකට ගියේ? දෙවනුව කෝ දෙමවුපියන් බාරකාරයන් හෝ කාන්තා කොස්තාපල්වරියක් හිටියද? දැරියකගෙන් ප්‍රස්නකරන්න පිරිමි කොස්තාපල් කෙනෙකුට තනියම කාමරේකට යන්න අවසර නැහැ.
සැරයන් මොකටද කාමර අස්සෙ රින්ගන්න ගියෙ? කාන්තා පොලිස් නිලධාරිනියක්ව යොමු කරන්න ඕන තැනට
මෙයා අම්මලාටත් කෝකා පෙන්නවා පොලිසියට කෝකා පෙන්නන්නයි හදන්නේ
ඔහොම ගියොත් බටහිර රටවල තත්වයට ලංකාව පත්වෙන්න වැඩිකලක් යන්නේ නෑ.
මෙවැනි දරුවන් මනෝ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි .හොඳ උපදේශන මිසක නීතිය පැත්තට යෑමෙන් තව තවත් ව්‍යාකූල විය හැක.
ෂෝක්නේ. එතකොට සුද්දො බෝට්ටුවලින් මෙහෙ එයි. කඩවලින් බඩුගන්න ඉංග්‍රීසි, ජර්මන් වගේ ඉගෙනගන්න වෙනවා. බඩුදෙන්න, ට්‍රොලි තල්ලු කරන්න ඉන්නෙ ඒ රටවල්වල ඉදල බෝට්ටුවලින් ආව උන් හින්දා.