IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය

(අංජුල මහික වීරරත්න)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය පිළිබඳව මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් සමඟ එක්වන්නේ මහත් ශෝකයකිනි.

රෝගී තත්ත්වයෙන් පසු සුවය ලබමින් සිටි පාප් තුමන්ලාගේ අභාවය  දේශපාලනික හා ආර්ථික වශයෙන් ගෝලීය කැලඹීම් ඇති අවස්ථාවක සිදු වූ අනපේක්ෂිත පහරක් විය. 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආවේය.

එය 21 වැනි සියවසට අදාලව සාම්ප්‍රදායිකවාදීන්ට ඔවුන්ගේ අර්ථකථන ගැන අලුතින් සිතීමට අවස්ථාවක් විය.කතෝලික සභාව තුළ ඇති වූ මෙම විවාදය එම චින්තනය ප්‍රබෝධමත් කළ අතර 21 සියවසට වඩාත් අදාළ විය.

2015 දී ශුද්ධෝත්තම ජෝසප් වාස් මුනිඳුන් ශාන්තුවරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශුද්ධෝත්තම මාහිමියන් සමඟ මගේ පළමු හමුවීම සිදු විය.  

අති උත්කර්ෂවත් ලෙස උන්වහන්සේ මහා බෝධි විහාරස්ථානයේ ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අවස්ථාවේදී එය සර්වාගමික සංවාදයට එක් අවස්ථාවක්ද විය.  සර්ව ආගමික සංවාදයේ මූලිකත්වය ගත්තේ ශුද්ධෝත්තම පාප් වහන්සේය.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවශ්‍යතා ඇදහිල්ලෙන් ඔබ්බට ගියේය. විශේෂයෙන් යුක්රේනයේ සහ ගාසා තීරයේ ගැටුම්, දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස සහ වෙනත් අයුක්තිසහගත අවස්ථා සම්බන්ධයෙන් උන්වහන්සේ මැදිහත් විය.

ඔහුගේ ඇදහිල්ලේ උරුමය පරම්පරා ගණනාවකට ඉතිරි වනු ඇත.



අදහස් (10)

පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය

Akila Tuesday, 22 April 2025 03:30 PM

අපරාදේ ලොක්කට පින් ජනපති පට්ටම තිබ්බ නං ගොලොයෝ රොත්තකුත් එක්ක වතිකානුවේ සංචාරයක් දාලා එන්න තිබ්බා.

:       10       24

Hafiz Tuesday, 22 April 2025 04:14 PM

අපරාදෙ පිං ජනා උනා නං රටේ මිනිසුන්ගේ සල්ලි නාස්ති කරගෙන මලගෙදර ගිහිං එන්න තිබ්බා නේද..දැං ඉතිං ෂෝ(ක) ප්‍රකාශ ⁣දානවා..තාම ජීවත්වෙලා ඉන්නවා කියල පෙන්නන්න..ඡන්දෙත් ළඟයිනේ..

:       10       21

Iran Tuesday, 22 April 2025 04:18 PM

ශෝක ප්‍රකාශ නොකර මෙයාටත් බැරිවෙයි ද එහාටම යන්න. රටට පව් නොදී.

:       10       19

කෞෂිTuesday, 22 April 2025 06:51 PM

මටත් හිතෙන්නේ ගිහිල්ලම ශෝකෙ ප්‍රකාශ කෙරුවොත් අර්ථවත් බව, අවංක බව වැඩියි.

:       1       3

Chandima Tuesday, 22 April 2025 04:49 PM

පල්ලියේ පූජාවක් තිබ්බාම අන්තිමේ වයින් උගුරකුත් දෙනවා. යන්නේ නැතිද සහභාගි වෙන්න? සමහරවිට පව් සමා කරගෙන එන්නත් පුලුවන් වෙයි.

:       8       12

වින්සන්ට් කජ්ජාTuesday, 22 April 2025 06:53 PM

මේ පව් කඳ සමාකරගන්න වයින් බැරල් කීයක් නං ඕනවෙයිද !!

:       0       3

ඇන්ඩ් රු Tuesday, 22 April 2025 08:32 PM

මාලිමාවට කඩේ යන උන්ට රනිල්ව දැක්කම භූමිතෙල් ගෑවුන ගැරඩි වගේනෙ.

:       4       2

කව්ද බෝයි Tuesday, 22 April 2025 09:49 PM

මෙයාට පරම්පරාවක් නැතිවුණත්, මෙයාගේ කෙළවිල්ලේ උරුමය පරම්පරා ගණනාවකට ඉතිරි වනු ඇත.

:       2       5

amila Tuesday, 22 April 2025 10:07 PM

අපේ කාදිනල් තුමානම් ඔව්වා කරලා රවට්ටන්න බැහැ රජෝ? (පින් රජෝ?)

:       2       4

ගුණරත්න Wednesday, 23 April 2025 08:34 AM

කොටා ඉතින් ට්‍රිප් යන්නේ පක්ෂේ අරමුදලෙන් නේ_

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site