IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පිට රට ඉන්න ලාංකිකයන්ට ලංකාවේ ඡන්දෙ දෙන්න නීති හදයි

(අංජුල මහික වීරරත්න)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4 වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ. 

ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාවේ  වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇත

. වත්මන් මැතිවරණ පනත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නොමැත.

එහෙත්, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නීතිමය ක්‍රමෝපායයන් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා  විසින් පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.



අදහස් (7)

පිට රට ඉන්න ලාංකිකයන්ට ලංකාවේ ඡන්දෙ දෙන්න නීති හදයි

udara Tuesday, 16 September 2025 02:32 PM

මැද පෙරදිග සහ කොරියානු සංක්‍රමණික සේවකයින්ට පමණක් ඡන්ද බලය දෙන්න. ද්විත්ව පුරවැසියන් හෝ PR හිමියන් අවශ්‍ය නොවේ.

:       0       0

අත්තනායක Tuesday, 16 September 2025 02:41 PM

පිටරට ජීවත්වන ලාංකිකයො වැඩිදෙනෙක්, නොයෙක් හේතු මත, කුමක් හෝ මානසික අසහනයකින්, අතෘප්තියකින් පෙලෙන අය. භූමියේ යථාර්තය නොදන්නා ඔවුන්ට රටේ පාලකයන් පත්කරගැනීමට ඡන්ද අයිතිය ලබාදීම සුදුසු නැත.

:       3       1

Bunny Preena Tuesday, 16 September 2025 02:46 PM

ප්‍රමාද වී හෝ මොලය පෑදීම සතුටට කරුණක්.

:       1       2

පිටරටවැසියා Tuesday, 16 September 2025 02:53 PM

ඡන්දෙ දාන්න ටිකට් අරං ෆ්ලයිට් එකේ ආපු කාලේ ඉවරයි. නාපු කට්ටියත් රට ඉඳගෙනම ඡන්දෙ දාපුවහම, ඉතුරුවෙලා තියෙන තුණත් ගලෝලා යනවා. ගලෝලා ගියපු පළපුරුදු එවුං භූමිදානෙට කනත්තටම යනවා, යනවාමයි. එක මිටට - භූමිදානෙට කනත්තට !!!

:       0       3

amila abeysekara Tuesday, 16 September 2025 03:09 PM

එය අනිවාර්ය කල යුතුයි

:       0       2

Pradeep Kumara Tuesday, 16 September 2025 03:44 PM

කිසිදු රජයකින් කිසිම සැළකිල්ලක් නොදැක්වූ අපගේ එක් ප්‍රධානතම ඉල්ලීමක් ඉටු වෙන්නයි යන්නේ. ජයවේවා..!!

:       0       0

Asanga Wednesday, 17 September 2025 10:20 AM

මේවා වෙන්න ඕනා අනිවාරයෙන්ම තනාපාති කාර්යාල අරහානෙ එත් තනාපාති කාර්යාල අපිට කිසි සේත්ම විස්වාසයක් නැත . ලස්සනට ඒ අයට උවමනා විදියට වැඩ ටික වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site