
( සුමිත් පොතුපිටිය )
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ අක්කර 33 ප්‍රදේශයේ සහ සහ කළුතර කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් ඉකුත් 29 රාත්‍රී කළුතර ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබූ අතර, එහිදී කාන්තාවක් තුවාල ලබා එම නිවසට රූපවාහිනි නැරඹීම සදහා පැමිණ සිටී සෙනාල් සංධීප නැමැති පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබුණි.
සැකකරුවන් ප්‍රහාරය සදහා භාවිතා කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක්, සැදීමට භාවිතා කළ දෑ සහ ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන තිබේ.
කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5, 000 ක මුදලක් බවටද සිදුකළ වැඩිදුර විමර්ශන වලදී හෙලිව ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද කියලත් හොයන්න.
උන් එල්ලා මරන්න ඕන
ඉස්සරවෙලා ම මේවා ට නායකත්වය දෙන තිරිසන් පාතාල නායකයින් ටික ඉවර කරන්න ඕනේ. මේ මාස දෙක ට දරුවන් kee දෙනෙක් මරල දැම්මා ද මේ රට මිනිස්සුන්ට වසන්න පුළුවන් රටක් නෙවෙයි දැන්
මාලිමාවෙන් ගම බේරාගන්න චන්දය භාවිතා කරන්න.
ඕකුන් පොහොට්ටුවට සම්බන්ධ නැත්නම් තමයි පුදුමේ