IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පච දේශපාලනය රජ වෙලා

(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ තරඟයට පොරොන්දු කඩ කළ පාලනයක් බවද ප්‍රේමදාස මහතා කීය. ආණ්ඩුව බොරුවෙන් රජ වී ජනතාව රැවටූ බව ලක්ෂ 220ට ම ඔප්පු වී ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකාර්මික බල ප්‍රදේශ වල වැඩ ආරම්භ වුවත් තවමත් පොහොර සහනාධාරය නොලැබී ඇති බව කී විපක්ෂ නායකවරයා වගා හානිය වෙනුවෙන් ආපදා හා වගා වන්දි පවා නොලැබුණු බව පැවසීය.

අලි මිනිස් ගැටුමින් විපතට පත් වූ ජනතාවගේ වගා, දේපල හා ජීවිත හානි වලට කිසිඳු විසදුමක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පොළොන්නරුව ආසනයේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (23)

පච දේශපාලනය රජ වෙලා

pakeer Thursday, 17 April 2025 09:42 PM

නුඹලාගේ අය අවුරුදු 50ක් විතර කාපු රට... මාස 3න් හදන්න. ඔයාගේ මොලේ තියෙන්න පස්ස පැත්තේද?

:       20       50

Neel Thursday, 17 April 2025 10:42 PM

ලංකා දේශපාලනයේ අවංකව දේශපාලනය කරපු පවුලක් තමයි...

:       34       20

Nihal Dharmatileke Thursday, 17 April 2025 11:38 PM

ඔබතුමාට අලුත් දෙයක් වුණාට ජනතාවට නම් හොඳට පුරුදු දෙයක්...

:       31       7

Perera Friday, 18 April 2025 02:23 AM

සත්‍ය දේශපාලනේ, උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු.

:       16       43

Rata Perata Friday, 18 April 2025 03:19 AM

ඇත්තටම මානසික ලෙඩක් ද කොහෙද?

:       16       38

චතුරි Friday, 18 April 2025 05:34 AM

ඈ... මෙයාට අතීතය ඔය ඉක්මණට අමතකද? මේ මෑතක් වෙනකම් මොවුන් රජ කෙරුවේ අලි ඇත්තු මැරුණා. වගා හානිවුණා. ගොවියෝ වහ බිව්වා. මේ අය මොනවද කෙරුවේ? කව්ද දුන්නේ? දේපල හානි වන්දි මුදල්. ජනතාව කෑගැහැව්වා. එකෙක් උත්තර දුන්නාද මේ රජයෙන් තමයි. හොරා කාලා ඉතුරු මුදල් වලින් ඔය ටික හරි දුන්නේ. මේ පුටුවල ඉඳගෙන ඉන්නා අයගේ නහර මැරිලා නැත්නම් දන්නවා. කව්ද කෙරුවේ කියන්න. මොවුන් හැමදාම ඡන්දයක් ලන්වෙනකොට කරන කෙනාගේ පලු අරිනවා. දැන් මෙයා. කවදා බලය ගන්නද මේ කෑගහන්නේ? රජයේ මුදල් ඕන නැහැ කිවානේ මැතිවරණයට. සල්ලි තියෙනවා කියලා. බොරුවට දින්නනේ නැති මන්ත්‍රිකමට සල්ලි වියදම් නොකර. ඔය හොරා කාපු ජනතාවගේ මුදල්. ඔය අසරණයින්ට බෙදලා දෙන්න. ඔය කියනවා කියන මුදල් ජනතාවගේ...

:       12       31

lakmal katunayaka Friday, 18 April 2025 09:12 AM

එක් වරක් නොව කිහිප වරක් පච වෙච්ච ඔබ තවත් පච නොවී හිටියානම් තමයි හොඳ

:       34       47

Willows Drive Friday, 18 April 2025 09:29 AM

අහෝ අමෝ පුතානෝටගය කලක්, කියන්න දෙයක් නැතිව වතුරෙන් ගොඩගත් මාළුවෙක් වගේ නේ

:       17       38

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 09:57 AM

පච දේශපාලනය හා දේශපාලුවන් අපි 2025 සැප්තැම්බර් 21දා පරදවලා ගෙදර යැව්වා ! ඒක ඔයාට තවම තේරිලා නැහැ වගේ, ලබන මැයි හත්වෙනිදාවත් ඒක තේරුම් ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

:       17       28

සෙනෙවිරත්න Friday, 18 April 2025 10:50 AM

මෙයා තමයි පචය, ඇස් පනාපිට පෙනෙන සත්‍ය විකෘති කරනවා, නැති බැරි කම් කිය කිය යනව වුණාට මෙතන ඉන්න ජනතාව ඒක විශ්වාස නොකරන බව ඒ අයගෙ මූනෙන්ම පේනවා.

:       21       26

සෙනෙවිරත්න Friday, 18 April 2025 10:52 AM

කව්රුහරි කියලා දෙන්න මෙයාට මේ තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් නොව ජාතික ජනබලවේගයේ රජයක් බවත් රජයේ කාලය වසර පහක් බවත් මේ දෙකම නොදන්නා මෙතුමා පක්ෂවල ප්‍රතිපත්ති විවෙිචනය කරනවා, ඒ වගේම මාස හයෙන් රටක් වෙනස් කරන්න කියනව.

:       17       23

සෙනෙවිරත්න Friday, 18 April 2025 10:55 AM

ගොවියට පොහොර සහනාධාරය පසුව ගිණුම් ගත වන බවත් , එතෙක් තමුන්ගේ වියදමින් පොහොර යෙදිය යුතු බවත් මෙතුමට කියල දෙන්න. වරෙක පොහොර නැහැ කියනව, වරෙක පොහොර සහනාධාරය නැහැ කියනව, මේක මෙයාගෙ යාළු හොරණෑව තමයි ගොවියන් රැස්කරවල වචන පාඩම් කරවල කියවන්නෙ. මෙයත් ඒකම කියනව.

:       12       16

ලමය Friday, 18 April 2025 11:27 AM

මොනවද මේ මනුස්සයා කියන කතා, මේ රට කරපු අය පච කෙලිය නිසයි මේ රට මේ අඩියට වැටුනේ. දැන් ඉස්කොල ගානේ යන්නේ නැද්ද බස් බෙද බෙදා... ඡන්දෙ කාලෙට විතරයි ඒවා නේද?

:       13       16

Bindu Friday, 18 April 2025 12:18 PM

කවුරු මඩ ගැහුවත්, මේ මිනිහා බොරු කිව්වේ නෑ පච මාලිමාව වගේ. ඒකනේ පැරදුනේ. අපරාදේ තව ලස්සන බොරු ටිකක් කිව්වා නම් මේ වෙනකොට ජනාධිපති.

:       20       13

weerasiri Friday, 18 April 2025 12:27 PM

පච කීම කලාවක් නම් එහි පිකාසෝවරු ජෙප්පන්ය.

:       25       15

පේමරත්න ස් දිසානායක Friday, 18 April 2025 01:50 PM

මෙච්චර කාලයක් (නිදහසින් පස්සේ සිට) පච කාරයෝ තමයි රටපාලනය කෙරුවේ. දැන් ඒක වෙනස් කරලා තියෙන්නේ... මේ වගේ පාලනයක් තමයි රටේ ජනතාව පැතුවේ. මෙහෙම හොඳයි. ඇයි ඔබතුමාට අවුල්ද? ගොවියෝ හොඳට දන්නවා පොහොර ලබෙන වෙලාව. ඔබතුමා කලබල වෙන්න එපා. වෙන මොනවා හරි හොයාගන්න කියවන්න. උපදේශකයෝ ඇතිනේ... මේ අවුරුදු පහ ඉවර වෙනකන් බලාගෙන ඉන්නකෝ.. ජීවිතේට අමතක නොවෙන පාඩම් ටිකක් ඉගෙන ගන්න. රටක් හදන්නේ කොහොමද කියලා ඔය පරණ දේශපාලනට දැන් තැනක් නෑ... ඒ ගවයෝ දැන් නෑ...

:       14       19

Saththaya Friday, 18 April 2025 02:45 PM

හරියටම හරි පචෝරිස්තුමනි...!

:       8       10

ගමේ එකාලා Friday, 18 April 2025 04:31 PM

මොනවද මේ ළාමක ටින් ටින් කියන්නේ? පචද? නැද්ද? කියන එක මොලේ ඇති ජනතාව වටහා ගනී. කී පාරක් ජනාධිපතිකමට ඉල්ලුවාද? බැරි වුණා, හිතේ දුකට කියන කතා? පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරුව රටක් හදන්නේ කොහොමද?

:       8       17

Jathiwadia Saturday, 19 April 2025 07:19 AM

එක එක පුවත් මවන මෙයා ජෝකර් කෙනෙක් වෙලා කියලා එයාගේ හැමෝම දන්නා දෙයක්. හැබැයි දැන් පිස්සෝ අඩුයි.. මේ පිස්සු කතා අහන්න. දැන් හොරු නෑ, ඉන්නේ ටිකයි.

:       0       0

Malika Tuesday, 22 April 2025 08:35 PM

ඒ දවස් වල පාර්ලිමේන්තුවේ පවා මහින්ද එනකොට රනිල් ඇතුලු ඔබ සැම කතාවෙලා අපිව රවටන්න රනිල් කෑගැහුවේ "කවුද හොරා මහින්ද හොරා" කියලා. ඒත් කලේ පච හලන්නනේ. ඔයාලා හැමෝම හොරකම් කරමින් පච හලපු අය. දැන් අයට හොරා කියන්න ඔයාලට බෑනේ. ඒක නිසා පච ආන්ඩුව් කියලා තුන් ගොල්ලෝම නන් දොඩවනවා. ඔබසැම මොනවා කීවත් මේපාරත් මාලිමාව ගොඩ යනවාමයි.

:       1       8

Nimal 1 Wednesday, 23 April 2025 05:44 AM

දැන් නම් ඔබත් කලකන්නි රනිල් වගේම අවලංගු කාසියක්. බස් බෙදා දෙන එක හැර වෙනත් කල වැඩක් නම් නැහැ

:       1       12

Arthur Saturday, 26 April 2025 01:24 PM

බොරුවට කෑගහලා මොරගහලා මෙයාට ඡන්දෙන් ඉස්සෙල්ලා රෝහල් ගතවෙන්නත් බැරි නැහැ...

:       0       6

amra Saturday, 26 April 2025 02:07 PM

මෙයාට බනින්න එපා. මේ එයාගේ හැටි. බලය ලබාගන්න කියන කතා මිසක් මේ ආණ්ඩුව හොඳයි කියන්න පුළුවන්ද බෑනේ...?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 894 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 581 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 335 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 348 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 869 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 411 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 257 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site