
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අනිද්දා (11) බදාදා තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (9) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 10.00 ට රැස්විය.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් ඇතුළත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාවද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම රැස්වීමේදී එකඟවී ඇත.
ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි සඳහන් වේ.
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව සංශෝධනයට ලක් කර ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවයි.
මේ අවස්ථාවේදී කතානායකවරයා එම අදහස පිළිගෙන ඇති අතර යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි
ranjith Monday, 09 May 2022 04:20 PM
මේ මිනිහට දොස්තර ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරපු එකත් හොඳයි..