ගයාන් සූරියආරච්චි
කාන්තාවක සමග අනියම් සබඳතාවක ඇති කර ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියකට නර්තන ශිල්පියෙකුට පොලු වලින් පහරදී ඝාතනය කර පොල්ගස්ඕවිට ප්රදේශයේ කැලෑ බද ප්රදේශයක වල දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩපාත සහ පොල්ගස්ඕවිට ප්රදේශවල පදිංචි 20 ත් 37 ත් වයස්වල පසු වන බෙර වාදන ශිල්පීන් තිදෙනෙකි.
පුද්ගලයෙකු අතුරුදන්වී ඇතිි බවට කැස්බෑව පොලිසියට ඉකුත් 23 දා පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී ඝාතනයට ලක් වූ පුද්ගලයා මිතුරෙකු මුණ ගැසීම සඳහා කැස්බෑව ප්රදේශයට පැමිණ තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලු වලින් පහරදී ඔහු ඝාතනය කර ඇති බවය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මුරු තලාව ප්රදේශයේපදිංචි දුෂ්මන්ත සඳරුවන් නැමැති 30 හැවිරිදි නර්තන ශිල්පියෙකි.
මෘත දේහය වළ දමා ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මෘත දේහය ගොඩ ගැනීමට නියමිතව ඇත. කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd