IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

 

(ඉන්දිකා රාමනායක)

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්  තොරතුරු   හෙළිකළ  දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර මහතාගේ  26 වැනිදා  පෙරවරුව 9.00  ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  කැඳවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා ගැනිමට නාමල් කුමාර මහතා කැඳවු  තෙවැනි අවස්ථාව   මෙය බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ අතර ඉකුත් 20 දින රාත්‍රියේ  නාමල් කුමාර  මහතාගේ  වරකාපොල  නිවසට පැමිණ  සිටියදි අත්අඩංගුව  ගත් ඉන්දිය ජාතිකයා  සම්බන්ධයෙන්  ද විශේෂ  පරික්ණයක් ආරම්භ කරඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඉන්දියනු  ජාතිකයා ඉකුත්  20 වැනි දින නාමල්  කුමාර මහතාගේ නිවසට පැමිණ සිටියදි නාමල් කුමාර කළ දනුම් දිමක් අනුව  අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට  ගෙන ඇත.

සිද්ධිය  සම්බන්ධයෙන්  නාමල් කුමාර  මහතාගෙන් ලංකාදිපය කළ විමසුමකදි,  ඔහු පැවසුවේ මෙම ඉන්දිය ජාතිකයා තමන් පෞද්ගලිකව හදුනන්නේ නැති බවයි.

මාධ්‍ය වල  මෙම සිද්ධිය  පළලවිමත් පසු  ඔහු තම නිවස සොයා පැමිණ ඇති බවත් ඉදිරියේ තම ජිවිතයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරිමට පැමිණි බවට ඔහු ප්‍රකාශ කළ බවද පැවසු හෙතෙම කීය.

 මෙම පුද්ගලයාගේ පැමිණිම තමන්ට සැකයක් බවත් එම නිසා මේ  සම්බන්ධයෙන් වරකාපොල පොලිසියට හා අපරාධ  පරික්ෂණ දෙපාර්ත මේන්තුව  දැනුම් දුන් බවද කියා සිටියේය. 



අදහස් (0)

නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site